දකුණු කෙණ්ඩයේ ආබාධයකට ලක්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන පස්වැනි එක්දින තරගය හා ඉතිරි විස්සයි20 තරග දෙකද අහිමිවිමට ඉඩ තිබෙන බව වාර්තාවෙයි.
ඊයේ තරගයේදී මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර එ් හේතුවෙන් ඔහු තාවකාලිකව පිටියෙන් ඉවත්විය. මේ පිළිබඳව ඊයේ ධදඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ උපනායක දිනේෂ් චන්දිමාල් පැවැසුවේ මැතිව්ස්ට අද (01දා) සී.ටී. ස්කෑන් එකක් කිරිමට නියමිත බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වෙනු ඇති බවත්ය.
කෙසේ වෙතත් බොහෝ දුරට ඔහු තරගාවලියේ ඉදිරි තරග අහිමිවෙනු ඇතැයිද චන්දිමාල් පැවැසීය.