2016 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්කය කරගනිමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි පත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බට විදෙස් මාධ්‍ය අද (16දා) අනාවරණය කළේය.
මීට පෙර මොහොමඩ් හෆීස් කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ මෙම වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම මූලික වටයෙන් ඉවත්වීමෙන් පසුව හෆීස් නායකත්වයෙන් ඉවත්විය.
34 හැවිදිරි අෆ්රිඩි මීට පෙර 2009/11 කාල වකවානුවේ පාකිස්තාන කණ්ඩායමේ විස්සයි20 තරග 19කට නායකත්වය ලබාදී ඇති අතර, එහිදී තරග 8 ක් ජයගෙන 11 පරාජය වී ඇත. ඉන් අනතුරු ඔහු මෙතෙක් ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 තරග වලදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවා නැත.
ඔහු අවසන් මාස 12දී විස්සයි20 ජාත්‍යන්තර තරග 11 කදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇති අතර, එහිදී කඩුලු 10 ක් බිඳහෙලමින් ලකුණු 173 ක් ලබාගෙන ඇත. එහි ලකුණු ලබාගැනීමේ වේගය 150 ක් වේ.