ඩයලොග් චැම්පියන්ස් ලීග් කුසලානයේ අවසන් තරගයද ජයගැනීමට නාවික හමුදාව පෙරේදා සමත්වූයේ හැව්ලොක් කණ්ඩායම් සමග හැව්ලොක් පිටියේදී පැවති තරගයෙන් ලකුණු 20 – 13 ක ජයක් ලබාගනිමිනි.
මෙම තරගාවලියේදී ඔවුන් කුසලාන ශූරතාව හිමි කරගන්නේ තවත් තරගයක් ඉතිරිව තිබියදී අපරාජිතව වීම කැපී පෙණිනි. මෙම තරගය නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.