ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අතර සූරියවැවදී පැවැත්වෙන පළමු නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම ලකුණු 160කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මීට සුළුවෙලාවකට පෙර සමත්වූහ.
අද (13දා) දිනය ආරම්භ කරන විට කඩුලු හතක් දැවී කොදෙව් කණ්ඩායම ලකුණු 96 ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 317 ක් පසුපසින් සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 64කට කඩුලු 06 ක් දවාලීය.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 253 ක් පසුපසින් නැවතත් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් පිතිකරුවෝ මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 12 ක් රැස්කරගෙන සිටියි.