බංග්ලාදේශයට එරෙහි පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසය හේතුවෙන්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබූ නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ දෙවැනි ස්ථානය දක්වා කුමාර් සංගක්කාර ඉදිරියට පැමිණ ඇත.
සංගක්කාර මෙම තරගාවලියේදී ත්‍රිත්ව ශතකයක් සමගින් ටෙස්ට් තරග දෙක තුළදී ලකුණු 499 රැස්කිරීමට සමත්විය. ඔහු බංග්ලාදේශ තරග සංචාරයට එක්වීමට පෙර මෙම වර්ගීකරණයේ 6 වැනි ස්ථානයේ පසුවිය. දකුණු අප්‍රිකාවේ ඒ.බී ඩිවිලියස් මෙහි පෙරමුණේ පසුවන අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායෙම් ශිවනරීන් චන්ද්‍රපෝල් තෙවැනි ස්ථානයේ පසුවේ.