ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් අරඹමින් පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය අද (27දා) ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ආරම්භ වීමට නියමිතය.
වසර 138 කට පසුව රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවක් ටෙස්ට් තරග සඳහා අත්හදා බැලෙන්නේද මෙම ටෙස්ට් තරගය තුළදීය.
2009 දී එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව දිවා රාත්‍රී ටෙස්ට් තරග පිළිබඳව පළමු යෝජනාව කළ අතර, වසර 6 ක් ඇතුළතදී එය ක්‍රියාත්මක කිරීමට හැකිවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලද සුවිශාල ජයග්‍රහණයකි.
නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයට අයත් තෙවැනි ටෙස්ට් තරගය මෙය වන අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාව තරග 1-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.