සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර සාජාහි පැවැති සිවුදින නිල නොවන පුහුණු තරගයෙන් ලකුණු 153 ක ජයක් ලැබීමට පාකිස්තානු 'ඒ' කණ්ඩායම සමත් විය. ලකුණු 338 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.
තරගය ඊයේ (18දා) අවසන් වූ අතර, දින 4 කදී එක් කණ්ඩායමක් පන්දුවාර 90 බැගින් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙකම එකඟ වූ හෙයින් තරගය විසඳුමකින් යුතුව අවසන් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු 'ඒ' කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය.
ඒ අනුව ඔවුන් පළමු ඉනිමට ලකුණු 305 ක් රැස් කළේය. එයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස්කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණි.
නැවතත් පාකිස්තානු 'ඒ' කණ්ඩායම ලකුණු 306 ක් රැස් කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා පන්දුවාර 90කදී ලකුණු 338 ක ඉලක්කයක් හිමිවිය. නමුත් එයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 185 ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 153 ක් පරාජයක් හිමිවිය.
පාකිස්තානු 'ඒ' පළමු ඉනිම 305/8 (පන්දුවාර 90)
අශාඩ් සාෆීක් 108* (පන්දු 156,4x13, 6x4)
අහමඩ් ශේෂාඩ් 55 (පන්දු 100,4x7, 6x2)
හැරිස් සොහායිල් 43 (පන්දු 91,4x14, 6x1)
ස්ටීව් ඕ කිෆී 3/76 (පන්දුවාර 23)
ඔස්ට්‍රේලියා පළමු ඉනිම 273/8 (පන්දුවාර 90)
ඇලෙක්ස් ඩුලන් 104 (පන්දු 194,4x12, 6x3)
ස්ටීව් ස්මිත් 58 (පන්දු 123, 4x13, 6x9)
බ්‍රැඩ් හැඩින් 38* (පන්දු 86, 4x5, 6x1)
රහත් අලි 1/25 (පන්දුවාර 25)
පාකිස්තානු 'ඒ' දෙවැනි ඉනිම 306/3 (පන්දුවාර 90)
බාබර් අසාම් 114* (පන්දු 114,4x13, 6x3)
හැරිස් සෙහායිල් 103 (පන්දු 172,4x5, 6x3)
අහමඩ් ශේෂාඩ් 59 (පන්දු 95,48)
නේමන් ලයන් 2/49 (පන්දුවාර 17)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 185/10 (පන්දුවාර 90)
පිල් හියුස් 65 (පන්දු 107,4x8, 6x1)
පීටර් සිඩ්ල් 41 (පන්දු 65,4x5, 6x2)
මිචෙල් මාෂ් 35 (පන්දු 54,4x6, 6x1
මොහොමඩ් තලා 3/32 (පන්දුවාර 8.3)