UPDATE 13.55 PM
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක ජයක් ලැබීමට සමත්විය. එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 347ක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 323ක ඉලක්කයක් ලබාදුන් අතර එයට පිළිතුර ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 160ක් පමණි.
එ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ Whitewash පරාජට ලක්වූ පළමු අවස්ථාව ලෙසින්ද මෙය ඉතිහාසයට එක්විය. තරගාවලිය පුරාවටම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ රංගන හේරත් මෙම තරගයේදීත් ඔස්ට්‍රේලි කණ්ඩායමේ කඩුලු හතක් බිඳ දැමුවේය.
1.35 P.M.
ඔස්ට්‍රෙලියාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුළු ලාභියාගේ වාර්තාව සම කිරීමට රංගන හේරත් සමත් විය.ඒ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමෛ් ඇඩම් වොජස් ගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුළු සංඛ්‍යාව 25 දක්වා ඉහළ නංවා ගනිමිනි. කෙසේ වෙතත් ඉන් අනතුරුව චිචෙල් මාෂ් හා පීටර් නෙවිල් ගේ කඩුළු දවා ගැනීම සමගින් හේරත් සිය කඩුළු ප්‍රමාණය 27 දක්වා දීර්ඝ කරගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන මිචෙල් ස්ටාක් කඩුළු 24 ක් දවා ගෙන ඇත.
ඔස්ට්‍රේලියාව මේ වන විට කඩුළු 6 ක් දැවී ලකුණු 140 ක් ලබා අසීරු තත්වයේ පසුවේ. ඔවුන්ගේ අවසන් කඩුළු 6 ලකුණු 40 ක් තුළදී දැවී යාම විශේෂත්වයක් විය. පන්දු යැවීමෙන් රංගන හේරත් කඩුළු 4 ක් හා දිල්රුවන් පෙරේරා කඩුළු 2 ක් දවා ලීය. ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 184 ක් අවශ්‍ය අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් කඩුළු 3 ක් පමණී.
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ හතරවැනි කඩුල්ල ලෙසින් ඩේවිඩ් වෝනර් මීට සුළු මොහොතකට පෙර දැවී ගියේය. දිල්රුවන් පෙරරො විසින් එවන ලද පන්දුක් කෙලින්ම කඩු්ල්ලේ වැදීමෙන් ඔහු යන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 68 කි.
UPDATE 12.50 P.M.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් මීට සුළු මොහොතකට පෙර දවා ගැනීමට රංගන හේරත් සමත් විය. හේරත් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ස්මිත් දැවී ගියේ ලකුණු 8 කට ය. නෙදැවී කඩුල්ලේ රැඳී සිටිනා ඩේවිඩ් වෝනර් ලකුණු 57 ක් රැස් කරගෙන සිටින අතර අද ඔහු වාර්තා කලේ සිය ටෙස්ට් දිවියේ 21 වැනි අර්ධ ශතකයයි.ඔස්ට්‍රේලියාව ජයග්‍රහණයට තවත් ලකුණු 224 ක් පසු පසින් සිටින්නේ කඩුළු 8 ක් අතැතතිවය.
UPDATE 12.00
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ඔස්ට්‍රේලියාව දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 21.4 කදි එක් කඩුල්ලක් දැවී ලකුණු 77 ක් රැස් කරගෙන සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන ඩෙඩ්ඩ් වෝනර් ලකුණු 44 ක් ලබා සිටියි.
ඩේවිඩ් වෝනර් සමගින් ෂෝන් මාෂ් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා ලකුණු 77 ක ස්ථාවර සබඳතාවක් ඔස්ට්‍රේලියානු ඉනිමට එක් කිරීමට සමත් විය. දිවා ආහාරයට තරගය නතර කිරිමට ප්‍රථම ලකුණු 23 ක් රැස් කරගෙන සිටි ෂෝන් මාෂ් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හේතුවෙනි. මේ අනුව ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 247 ක් අවශ්‍ය වේ. ඔවුන්ට ඒ සඳහා තවත් කඩුළු 9 ක් ඉතිරිව ඇත.
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 347ක් රැස්කරමින් සිය දෙවැනි ඉනිම ඉත්හිටවීය.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 83කදී ලකුණු 324ක ඉලක්කයක් හිමිවිය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නිමා කරන විට පන්දුවාර 95කදී කඩුලු 8ට ලකුණු 312ක් රැස්කරගෙ සිටියේය.
අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4.3කට ක්‍රීඩා කරමින් ලකුණු 35ක් රැස්කළේය. වේගවත් සබඳතාවක් පැවැත්වූ ධනංජයද සිල්වා හා සුරංග ලක්මාල් පන්දු 51කදී ලකුණු 50ක් රැස්කළේය.
ධනංජය නොදැවී ලකුණු 65ක් රැස්කළේ පන්දු 74කින් වෙන අතර එම ඉනිමට හතරේ පහර 10ක්ද ඇතුළත්විය.