ඉන්දීය ඔලිම්පික් කමිටුවට එරෙහිව පැවැති ඔලිම්පික් තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. මාස 14 ක කාලයක් පුරා ඉන්දීය ඔලිම්පික් කමිටුවට එරෙහිව පැවැති තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළේ ඉන්දියානු ඔලිම්පික් කමිටුවේ නව සභාපති වශයෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතාගේ සහෝදරයෙකු වන රාමචන්ද්‍රන් පත්වීමත් සමගිනි.
ඉන්දීය ඔලිම්පික් කමිටුවේ වංචා හා දූෂණ නිසා, මීට ඉහතදී පැවැති ඔලිම්පික් නිලවරණයේ ගැටලු සහගත තත්ත්වය නිසාත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන්දීය ඔලිම්පික් කමිටුවට එරෙහිව මාස 14 ක තහනමක් පැනවීය.