දුම්රිය විදුලිකරණයට රුපියල් මිලියන 80000
2027 වසර සඳහා වන අයවයැ කථාව ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පස්වරු 2ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
05:06 PM අඩක් නිම කර ඇති නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය ප්‍රීන් ප්රතිලාභ වෙත රු. ලක්ෂ 5 දක්වා මූල්‍ය ආධාර සඳහා රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
05:04 PM තමන්ගේම තැනක් ලස්සන ජිවිතයක් වෙනුවෙන් නිවාස 70000ක්, නිවසක් වෙනුවෙන් දෙන දිමනාව රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15ක් දක්වා ඉහළට, වෙනකරන මුදල රුපියල් මිලියන 15000ක්
05:01 PM පානීය ජල ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 77000ක්
04:59 PM
වාහල ලියාපදිංචි කිරීම ඩිජිටල් කරනවා.
නව රියදුරු සෘණාත්මක ලකුණු දීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා.
නව දුම්රිය පහක් මිලදි ගැනීමට රුපියල් මිලියන 5000ක්,
දුම්රිය ස්ථාන නවිකරණය කිරීමට රුපියල් මිලියන 2000ක්
මහනුවර දක්වා දුම්රිය ලබන වසරේ පළමු කාර්තුවේදී යන්න පුළුවන් වේවි.
ලබන වසරේ මැද භාගයේදී බදුල්ල දක්වා දුම්රිය ගමන් කිරිම හැකි වේවි.
04:56 PM
ප්‍රවාහනය වෙනුවෙන් රුපියල් මිලියන 95000ක් වෙන් කර තිබෙනවා.
මෙට්‍රෝ සේවාව වෙනුවෙන් 2027දී බස් රථ 50ක් ලැබෙනවා.
විදුලි බස් සේවාව වෙනුවෙන් චීනයෙන් බස් රථ 100ක් ප්‍රදානයක් ලෙස ලැබෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කරනවා.
04:55 PM
දුම්රිය විද්‍යුත්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 80000ක් වෙන් කරනවා. .
කැලණිවැල දුම්රිය මාර්ගය මරදාන සිට හෝමාගම දක්වාත්, ප්‍රධාන දුම්රිය මාර්ගය මරදාන සිට රාගම දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන සිට පානදුර දක්වාත් සිදුකිරිමට නියමිතය.
04:51 PM මධ්‍යම කඳුුුකරයේ ආරක්ෂාවට ඩොලර් මිලියන 100කින් වැඩසටහන්..
04:49 PM
සත්ව පහරදීමකින් සිදුවන මරණයකට ගෙවන මුදල රුපියල් මිලියන 2ක් දක්වා ඉහළට
අර්ධ බෙලහින තාවයට පත්වන අවස්ථාවකදි රුපියල් ලක්ෂ 5ක්,
අලියෙකු නීති විරෝධීව ළග තබා ගැනිමේ දඩය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කරනවා.
වනජීවි කලාප වල අභ්‍යන්තර වැව් පුනරුත්තාපනයට රුපියල් මිලියන 90ක්,
එල් නිනෝ තත්ත්වයට මුහුන දීමට රුපියල් මිලියන 5000ක්,
04:47 PM
නාච්චාදූව අලි මංකඩ නිදහස් කරනවා.
නව විදුලි වැට වෙනුවෙන් රුපියල් මිලියන 450ක්,
වන අලි දුම්රියේ ගැටිම වැළැක්විම වෙනුවෙන් ජාතික වැඩසටහනක්
අනුරාධපුර නුවරගම් රක්ෂිතය වෙනුවෙන් සත්ව රෝහලක් රුපියල් මිලියන 700ක්,
පොලොන්නරුවට නව ඇත් අතරු සෙවනක් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්,
කැස්බැවන් හා ඩොල්ෆින් රැක බලා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක්,
වන අලි ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිතිමය රාමුවක්
04:42 PM
කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඉපැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනවා.
කොළඹ වරායේ මගි පර්යන්තයක් හදනවා.
පින්නවල හෝටල් පාසල හා පොලොන්නරුව තෛයිභාෂා පාසලේ හෝටල් පාසලක් පිහිටුවිමට රුපියල් මිලියන 500ක් වෙන්කරනවා.
04:38 PM සෞඛ්‍ය නිල නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 1245ක්
04:38 PM
වොල්බැකියා වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 400ක්,
පාසල් ළමුන්ට නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදෙන්න රුපියල් මිලියන 100ක්,
04:36 PM
සෞඛ්‍ය තුළ අවුරුදු 20කට පැරණි ගිලන් රථ 400ක් තිබෙනවා. නව ගිලන් රථ පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 3000ක්, මීට අමතරව නව ගිලන් රථ 45ක් ලැබීමට නියමිතය.
සුවසැරියට නව ගිලන් රථ 100ක් ඉන්දියාවෙන් ලැබෙනවා.
අක්මා බද්ධ කිරිමේ පහසුකම් කොළඹ ජාතික රෝහලටත්
04:35 PM
සෞඛ්‍යයට ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 131ක් වෙන් කරනවා.
සෞඛ්‍යයට වසර දෙකකදී 3000කට අධික පිරිසක් බඳවාගෙන තිබෙනවා.
දිස්ත්‍රික් මහ රෝහල් කිහිපයක් මධ්‍යම රජයට පවරා ගන්නවා. (මන්නාරම, ගම්පහ)
තඹුත්තේගම රෝහලට රුපියල් මිලියන 300ක්,
සියලුම රෝහල්වල වෛද්‍ය උපකරණ මිලදි ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 25500ක්.
04:31 PM
ආපදා කළමනාකරණය වෙනුවෙන් රුපියල් මිලියන 2900ක් වෙන් කරනවා.
වේලි ආරක්ෂණ පනත ඉතා ඉක්මනින් ගේනවා
04:30 PM ඩිජිටල් ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කරනවා.
04:28 PM
ඉල්ලුම්කරුගේ දෙවැනි හා තෙවැනි උරුම පාර්ශ්ව වෙනුවෙන් ද්විත්ව පුරවැසි අයදුම්පත්‍ර වෙනුවෙන් ගාස්තු නිදහස්,
විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් දක්වා නිවාස ආධාර වැඩසටහනක් මෙහි පොලි සහනාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්
04:26 PM අධිධාරිතාවයෙන් යුත් ළමා නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
04:23 PM
ආබාධිත තැනැත්නත් වෙනුවෙන් වෙන් වූ තැනක් සෑම රජයේ කාර්යාලයකටම හා දෙපාර්තමේන්තුවකට,
ආබාධිත තැනැත්නත්ට අවශ්‍ය උපකරණ මිලට ගැනිමට රුපියල් මිලියන 150ක් වැය කරනවා.
04:22 PM
වකුගඩු රෝගි දීමනාව රුපියල් 12500ක් දක්වාත්, ආබාධිත පුද්ගල දිමනාව රුපියල් 12500ක් දක්වා වැඩි කරනවා.
ප්‍රජා ශක්ති වැඩසටහන රුපියල් මිලියන 25000ක්,
04:20 PM
ඔලිම්පික් රන් පදක්කමකට, මලල ක්‍රීඩා ශූරතාවලියට රුපියල් මිලියන 100ක්,
පොදුරද මඩුලු රන් පදක්කමකට රුපියල් මිලියන 75ක්,
ආසියානු රන් පදක්කමකට රුපියල් මිලියන 50
04:19 PM
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය සංවර්ධනය රුපියල් මිලියන 1500ක්,
ක්‍රීඩා සංස්කෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්,
අනුරාධපුර ක්‍රීඩා සංකිර්ණයට රුපියල් මිලියන 1000ක්,
04:17 PM
රබර් පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්,
වතු කම්කරුවන්ට රුපියල් 200 ක දෛනික දීමනාව ලබන වසරේදීත්,
වතු ගීවිසුම් නැවත සලකා බැලීමට නිලධාරි කමිටුවක්.
04:16 PM
තේ ගම්මාන 500ක් වෙනුවෙන් රුපියල් මිලියන 750ක්,
සාම්ප්‍රදායික නොවන පැතිවලටත් රබර් වර්ධනය කරනවා.
පොල් පුනරුත්තාපන වැඩසටහනට රුපියල් මිලියන 2600ක්
ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 3000
තේ වගාවට ලබාදෙන පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්,
රබර් වගාවන් දියුණු කිරීමට රුපියල් මිලියන 650ක්
04:13 PM බිම් සවියට රුපියල් මිලියන 800ක්
04:12 PM හැඩඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සක්‍යතා අධ්‍යනයක් සිදුකරනවා.
04:12 PM මහවැලි ජල සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් මිලියන 19000ක්
04:08 PM
පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 44000ක්,
පොහොර සහනාධාරය කුඹුරුවල සිදුකරන වෙනත් වගාවන් වෙනුවෙන්ද ලබාදෙනවා.
පොල් කර්මාන්තයේ අගය ඒකතු කිරිමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
04:07 PM
නිශ්පාදන යායවල් ආරම්භ කිරිම වෙනුවෙන් රුපියල් මීලියන 400ක්,
ගොවීන්ට සියලු සේවා සපයන මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
සමූපකාර සමිතිවලට වි වේලන යන්ත්‍ර ලබාදෙනවා.
සමූපාකාර සමිතිවලට වී සහල් කිරීමේ යන්ත්‍ර ලබාදිමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් තවත් රුපියල් මිලියන 300ක් වෙන්කරනවා.
04:05 PM
කෘෂි අංශයට විශාල පරිමාණයේ ආයොජකයන් පැමිණිය යුතුයි. ඒ් සඳහා ඉඩම් වෙන්කරනවා.
වගානොකරන කුඹුරු ඉඩම් වෙනත් වගාවන් සඳහා යොමු කරනවා.
04:02 PM
ලංකා ධිවර සංස්ථාව සතු අලෙවිසැල් සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 200ක හිමිකම් ප්‍රාග්ධනයක්
04:00 PM
ධිවර කර්මාන්තය නගා සිටුවිමට රුපියල් මිලියන 6200ක්.
උතුරේ ධිවර කටයුතු නැංවීට රුපියල් මිලියන 5000
හලාවතට රුපියල් මිලියන 300
ගන්දරට රුපියල් මිලියන 500
පෑලියගොඩ මත්ස්‍ය වෙළපොළට රුපියල් මිලියන 1000ක්
03:58 PM
කහටගහ පතලේ මිනිරන් සංචිතය ගණනය කර අගය ඒකතු කිරීමට ආයෝජකයෙකුට ලබාදෙනවා.
වැල්ලවාය තිරුවාණා නිධිය වෙනුවෙන් සුදුසු ආයෝජකයෙක් සොයා ගන්නවා.
03:57 PM
සැමට කොටසක් නමින් නව වැඩසටහනක්,
උසස් පෙළ සිසුවෙකුට රුපියල් 10000ක ආයෝජන කළඹක්,
03:55 PM ජාත්‍යන්තර මැණික් හා වෙළඳ මධ්‍යස්ථායක් කොල්ලුපිටියේ ඉදිකරනවා. ඉඩම් පවරා ගැනිම මේ වන විට සිදුවෙනවා.
03:54 PM ශ්‍රී ලංකා එක්ස්පො වෙනුවෙන් රුපියල් මිලියන 750ක්,
03:53 PM සීගිරිය ගුවන් තොටුපොලේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි කරන්න රුපියල් මිලියන 100ත්
03:51 PM මත්තල ගුවන් තොටුපොලේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 70000ක් වෙලා. ඉදිකිරීමට ගිය වියදම රුපියල් මිලියන 30000යි. මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය වෙනුවෙන් අභිලාශ කැඳ වා අවසන්. ලබන වසර තුළ මත්තලට අලුත් ආයෝජකයන් සොයාගෙන ලබා දෙනවා.
03:49 PM රත්මලාන ගුවන්තොටුපොළ සංවර්ධනයට රුපියල් මිලියන 6000ක් වැය කරනවා
03:48 PM
ගුවන්තොටුපොළ පළමු පර්යන්තයේ ධාරිතාව වර්ධනය කිරිම රුපියල් මිලියන 15000කින්,
දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් ජයිකා සමග ඉතා ඉක්මනින් ආරම්භ කරනවා,
ගුවන්තොටුපොල තුළ දේශීය ගුවන් තොටුපොළ පර්යන්තයක් රුපියල් මිලියන 800කින් ඉදිකරනවා.
ගුවන් තොටුපොළ හා අවට වාහන තදබදය අඩු කරන්න රුපියල් මිලියන 400කින් නව රථ ගාලක්,
ගුවන් තොටුපොළ තුල ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක්,
03:44 PM
කොළඹ වරායට රාජ්‍ය හා පෞද්ගලික සැපයුම් මධ්‍යස්ථානයක්,
ගාල්ල වරාය කේන් ද්‍ර කර ගනිමින් බංකරින් පහසුකම්,
03:39 PM ගෘහස්ත සංචාරක ව්‍යාපාර පහසුකම් වැඩි දියුණු කිරීමට සියයට 3ක ණය පොලියක් යටතේ රුපියල් මිලියන 2ක් සඳහා ණය. මෙය රුපියල් මිලියන 7500ක් දක්වා ණය ලබා දීමට කටයුතු කරනවා.
03:38 PM
ව්‍යවසායකයන් වෙනුවෙන් සමෘද්ධි බැංකු හරහා ලබාදෙන ණය වල පොලි සහනාධාර වෙනුවෙන් රුපියල් මිලියන 200ක්,
ධීවර කර්මාන්ත කරුවන්ට රුපියල් මිලියන 500ක් දක්වා ණය ලබාදිමට කටයුතු කරනවා.
03:36 PM
ඔඩපණ ණය වෙනුවෙන් රුපියල් මීලියන 20000ක්,
කාන්තා මූලික පවුල් වල ණය වෙනුවෙන් අඩු පොලී කණ්ඩායම් ණය පළමු අදියර වෙනුවෙන් පොලී සහනාධාර වෙනුවෙන් රුපියල් මිලියන 200ක්,
03:35 PM කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් රුපියල් මිලියන 200ක්, ධිවර කර්මාන්තයේ සිටින කර්මාන්තකරුවන්ට ණය යෝජනා
03:33 PM ඇප රහිත ණය, පොලී රහිත ණය හා අඩු පොලී ණය වෙනුවෙන් රුපියල් මිලියන 67687ක් වෙන් කර තිබෙනවා.
03:32 PM පාලම් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10770ක් වෙන් කර තිබෙනවා.
03:31 PM නවු ගුවන් පාලම් අලව්ව, මුත්තෙට්ටුවේ ගෙදර ගුවන් පාලම්, මහනුවර තැපැල් කාර්යාලය අසල නව ගුවන් පාලමක්
03:30 PM සම්බන්ධිත මාර්ග ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලිය 8500ක් වෙන් කරනවා.
03:29 PM රඹුක්කන ගලගෙදර අධිවේග කොටස 2029 ජුලි අවසන් කරනවා. 2027ට රුපියල් මිලියන 23050ක් වෙන් කරනවා.
03:28 PM කඩවත මීරිගම අධීවේගයේ වැඩි 2028 සැප්තැම්බර් අවසන් කරනවා. 2027ට ඒ් වෙනුවෙන් රුපියල් මිලියන 57750ක් වෙන්කකරනවා.
03:26 PM
මහා මාර්ග අධිවේගි මාර්ග දුම්රිය මාර්ග සංවර්ධනය රුපියල් බිලියන 251ක් වෙන්කරනවා.
මෙය රුපියල් බිලියන 487ක් දක්වා වැඩිවෙනවා.
කුරුණෑගල ගලේවල අධිවේගයට රුපියල් මිලියන 30000ක්,
කහතුඩුව ඉංගිරිය අධිවේගයට රුපියල් මිලියන 27000ක්
03:24 PM සියලු පර්යේෂණ වෙනුවෙන් රුපියල් මිලියන 7500ක් වෙන්කරනවා. එක තැනකින් මධ්‍යගතව වියදම් කරනවා.
03:21 PM වෘත්තීය අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 11ක ප්‍රාග්ධනයක් යොදවනවා.
03:18 PM
විශ්වවිද්‍යාල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2250ක් වෙන් කරනවා.
නේවාසිකාගාර පහසුකම්, අපජල පද්ධති වෙනුවෙන් රුපියල් මිලියන 6250ක්,
03:16 PM
පාසල් ඩිජිටල්කණ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 7000ක්,
පාසල් යටිතල පහසුකම් සංවර්ධනය රුපියල් මිලියන 35000ක්.
03:14 PM
දහම් පාසල් ගුරුවරුන්ට ලබාදෙන රු 7500ක දීමනාව රු 12500ක් දක්වා වැඩි කරනවා.
ලබන වසරටත් පාසල් සිසුන් වෙනුවෙන් චීනයෙන් නොමිලයේ නිල ඇඳුුු ම් දෙනවා
03:13 PM
ලබන වසරේදී 2 හා 6 වසර වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරඹනවා.
ගුරුවිද්යාලවල සිටින දරුවන්ට දෙන දීමනාව රු 10500 සිට 20000 දක්වා වැඩි කරනවා.
භික්ෂු සිසුන් වෙනුවෙන් දෙන දෙනික දීමනාව රු. 50 දක්වාත් ගිහි සිසුන් වෙනුවෙන් රුපියල් 25ක් දක්වා වැඩි කරනවා.
03:11 PM ග්‍රාම සේවක කටයුතු ගෙදර සිට කරගෙන යා හැකි පරිදි ඩිජිටල්කරනය කරනවා.
03:10 PM
තොරාගත් පාසල් සිසුන් 750000ක් සඳහා බ්‍රොඩ් බෑන්ඩ් වවුචර් පත්,
03:04 PM
කෘතිම බුද්ධිය වෙනුවෙන් විශිෂ්ඨතා කේන්ද්‍රය විජේරාමේදී පිහිටුවනවා.
ජනාධිපති ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන වැඩසටහනක් පවත්වනවා.
03:01 PM 2027 මුල් භාගයේදී නව ප්‍රසම්පාදන මාර්ගේපදේශ ලබාදෙනවා.
02:56 PM කටුනායක ගුවන් තොටුපොළ මගීන්ට අමතරව සේවා සපයන ගුවන්තොටුපොළක් බවට පරිවර්තනය කරනවා.
02:54 PM මන්නාරම් ද්ර්රෝණයේ තෙල් හා ගෑස් කැණීමට ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව ඉඩම් කට්ටි ලබාදෙනවා. ඉන්ධන ගබඩා කිරීම දින 45ක සීමාවක් දක්වා ලබන ජුනි වන විට වැඩිවෙනවා.
02:51 PM ජලාශ 10කින් මෙගාවොට් 500ක පාවෙන විදුලි බලාගාර පද්ධති.මේක ඒළියේ හදන්න ගියොත් අක්කර 1250ක් පමණ යනවා. ඉඩම් භාවිතය අඩුවෙනවා. මෙහිදී ජලාශවල ජල පෘෂ්ඨයෙන් භාවිත වන්නේ සියයට 10ටත් අඩු ප්‍රමාණයක්.
02:48 PM
විදුලි ඒකක 180ට වැඩි භාවිත කරන පාරිභෝගිකයන් ලක්ෂ 3ට සුහුරු මීටර් ලබාදෙනවා.
02:47 PM
වහළ මත සූර්ය විදුලි පද්ධති ස්ථාපිත කිරීමේදි බැටරි වෙනුවෙන් සහානාධාරයක් දෙනවා.
නොරොච්චෝලට ඇතිරෛ්ක බලය ලබාදෙන්න මෙගාවොට් 30ක බැටරි ගබඩා බලශක්තියක් ලබාදෙනවා.
02:41 PM
දහවල් කාලයේ ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරිමට බැටරි ගබඩා පහසුකම් ස්ථාපිත කරනවා. 2029 වන විට බැටරි ගබඩා බලශක්තිය මෙගාවොට් 1240ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.
02:37 PM
ඉන්දියාව සමග පවතින නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කරනවා.
චිනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්නවා. වෙනත් රටවල් සමගත් නව වෙළඳ ගිවිසුම්වලට එළඹෙනවා.
02:34 PM තොරාගත් භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් තනි වෙළඳ කවුලුවක් පිහිටුවනවා. මෙය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 1290ක් වෙන්කරනවා.
02:33 PM ආයෝජන ගෙන්වන්න වෙනමම සමාගමක් පිහිටුවනවා. එහි සේවය කරන අය විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.
02:28 PM දත්ත හා තොරතුරු ඉතාමත් වැදගත්. නමුත් අපිට දත්ත නෑ. ජාතික සංඛ්‍යාලේඛණ පනතක් ගේනවා. රේගු ආඥා පනත සංශෝධනය කරනවා.
02:27 PM එමිරේට්ස් ගුවන් සේවයට ඒක් රැයකින් යන්න කිව්වා. එටිසලාට් වලටත් ඒ්ක වුණා.
02:21 PM
ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහනක් තවදුර ක්‍රියාතමක වෙනවා
අපේ ඉලක්කය ආර්ථික පරිවර්තනයක් අත්පත් කර ගැනීමයි.
අපේ නීතිමය රාමුව වෙනස් කරනවා. අපේ සමහර නීති අවුරුදු 100කට වඩා පරණයි.
02:14 PM විනිවිද භාවයෙන් යුත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි.
02:13 PM බලශක්ති වෙළඳ පොළ තුළ ස්ථාවරත්වය ඇති කළ යුතුයි. පුනනර්ජනනීය බලශක්තිය පුළුල් කළ යුතුයි.
02:12 PM ඵලදායි නොවන ඉඩම් ඵලදායි කටයූතු සඳහා යෙදවිය යුතුයි.
02:09 PM මධ්‍යම රජයේ ණය ප්‍රමාණය අඩුවෙනවා වගේම ආසන්නම ණය ගෙවීමට ශක්තිමත් ද්‍රවශීලතාවක් තිබිය යුතුයි. 2032 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 95ක් දක්වා අඩුවිය යුතුයි.නමුුත් ඒය සියයට 87ක් දක්වා අඩුවෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.
02:02 PM නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් 2027 අයවැය සකස් කර තිබෙනවා. ආයෝජනය කරන හැම රුපියලකම බලපෑම සලකා බලනවා.
01:00 PM මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.