දිට්වා 410ක් බිලි ගනියි
ආපදා මරණ 400 සීමාව ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද(02දා) පෙරවරු 10ට නිකුත් කළ නිවේදනය අනුව ආපදා මරණ 410ක් වාර්තා වන අතර, අතුරුදන්වීම් 336ක් වාර්තාවේ.
05:05 PM දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 02 වනදා සවස සිට හෙට 03 වනදා සවස දක්වා බල පැවැත්වෙන පරිදි නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට පළමු සහ මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
05:00 PM හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග වලට දැඩි හානි සිදු වීම නිසා ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත, පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39 ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
04:51 PM ආපදාවෙන් පසුව යළිත් නිවාස වෙත යාමේදී එම නිවාස පිරිසිදු කර ගැනිමට දෙන රුපියල් 10000ක දීමනාව රුපියල් 25000ක් දක්වා වැඩි කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ වෙනුවෙන් රුපියල් මිලියන 7500ක් වෙන් කර තිබේ.
04:37 PM
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය මහජනතාව සඳහා හෙට සිට යලි විවෘත කරන බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා කියයි. රෝහලට විදුලි සැපයුම යලි ලබාදුන් අතර අද දිනය තුල ජල සැපයුම යලි ලබාදුන් බවද කොග්ගලගේ මහතා පවසයි. හානියට පත්වූ සෙසු සියළු අංශ පියවරෙන් පියවර මහජන සේවා යථා පරිදි ලබාදීමට හැකිවන සේ කඩිනමින් ස්ථාපිත කෙරෙමින් පවති.
03:57 PM ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ් හේතුවෙන් දෙසැම්බර් 04 දා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවිමක් බලාපොරොත්තු වන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
01:34 PM ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ආධාර රැගත් පළමු ගුවන් යානය 12/02 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . මෙම ගුවන් යානය තුළ විපතට පත් වී සිටින ජනතාව සදහා තාවකාලික නිවාස 48 ක් , දින 14 කට එක් පවුලක් සදහා අවශ්‍ය ආහාර ඇසුරුම් 2,592 ක් , කූඩාරම් , ගලවා ගැනීමේ භට කණ්ඩායම් සදහා යොදා ගන්නා වාහන , දුෂ්කර මාර්ග වල ධාවනය කළ හැකි යතුරු පැදි ආදී භාණ්ඩ විශාල තොගයක් තිබුණි .
01:07 PM පාසල් ආරම්භ කරන දිනයේ මේ දක්වා වෙනසක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් නිවාඩු කාලයෙන් අනතුරුව නැවත පාසල් ආරම්භ කිරීමට තිබුණේ දෙසැ 8 දා වුවත් පසුව බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එම දිනය දෙසැම්බර් 16 දා තෙක් කල්දැමුණි. දෙසැම්බර් 16දා පාසල් නැවත ආරම්භ කරන දිනයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
11:24 AM ආපදා මරණ 400 සීමාව ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද(02දා) පෙරවරු 10ට නිකුත් කළ නිවේදනය අනුව ආපදා මරණ 410ක් වාර්තා වන අතර, අතුරුදන්වීම් 336ක් වාර්තාවේ.
06:55 AM කැළණි ගඟ නාගලන්ගමුව ජල මාපකයෙන් හා මල්වතු ඔය තන්තිරිමලය ජල මාපකයෙන් අධි ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කිරීම හැරෙන්නට සෙසු සියලුම ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
08:32 PM අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට 2025 නොවැම්බර් මස 30 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
08:31 PM
මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය මහජනතාව සඳහා අද යලිත් විවෘත වූ බව සෞඛ්‍ය තෘතීය සත්කාර සේවා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.විශේෂඥ සේවා අවශ්‍ය අය අදාල අනෙක් රෝහල් වෙත යොමු කෙරේ. රෝහල වෙත විදුලිබලය දැන් ලබා දී තිබේ. ජල සැපයුම ලබා දීමට කටයුතු කරමින් ඇත. රෝහල පිරිසිදුකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතී. එක් ප්‍රදේශයකින් රෝහල වෙත සැපයුම් ලබාදීමට දැන් හැකිය. රුධිර කාන්දුකරන සේවාද ඇරඹී තිබේ.
08:29 PM
ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහාය විමේ අපේක්ෂාවෙන් හදිසි ප්‍රතිචාර
දැක්වීමක් වශයෙන් මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක හදිසි මූල්‍ය පරිත්‍යාගයක් හා චීන යුවාන් මිලියන 10කට අධික
වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
05:57 PM දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද (01) පස්රු 12.30 වන විට පුද්ගලයන් 366ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 367ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
05:55 PM දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 01 වනදා දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 131 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 174 දෙනෙකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
04:10 PM
අධික වර්ෂාව සමඟ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් දහනමයක් 19 ක් හානියට පත් වී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද 01 පැවසීය. ඊට අමතරව අමුණු 276ක් ද ඇලමාර්ග 625ක්ද හානියට පත් වී ඇති බවත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද එම කාර්යාලය පැවසීය.
2025/ 26 මහ කන්නය එළඹී ඇති පසුබිමක මෙසේ අයහපත් කාලගුණය හේතුවෙන් වැව් අමුණු විනාශ වී තිබේ.
සමන් පාලිත නානායක්කාර
01:34 PM ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයයි. එම රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ
11:45 AM
ලංකා සීනි සමාගම මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් වූවන්ට බෙදා දීම සඳහා සීනි කිලෝ දෙදහසක් පරිත්‍යාග කෙරිණි.
ජාතික රූපවාහිනි සංස්ථාව මඟින් ආරම්භ කර ඇති අවතැන් වූවන්ට සහන සැලසීමේ වැඩසටහනට එම පරිත්‍යාගයන් ලංකා සීනි සමාගමේ සභාපති සඳමාදී චන්ද්‍රසේකර මහත්මිය විසින් භාර දෙන ලදි.
11:44 AM
මොනරාගල දිස්ත්‍රික්කය තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි යැයි පැතිර ගිය අසත්‍ය තොරතුරු වලට අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන හිමියන් විශාල පිරිසක් මොනරාගල දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම් හල් වලට එකවර පැමිණීමෙන් විශාල තදබදයක් (30) වෙනිදා ඇති විය.නමුත් ඉන්ධන වෙළෙඳසැල් හිමියන් පවසන්නේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඇතුළු කට කතා වලට නොරැවටෙන ලෙසයි.
11:35 AM ඉන්දීයාව පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්රගත රෝහල් පද්ධති දෙකක් ඒවාට අවශ්‍ය ඖෂධ , වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. මෙම රෝහල් පද්ධති , ඖෂධ සහ වෛද්‍ය උපකරණ සියල්ලම ඉන්දියාවේ නිෂ්පාදිත දෑ වීම විශේෂත්වයකි. මෙම රෝහල් පද්ධති තුළ ශල්‍යකර්ම , රසායනාගාර පරීක්ෂණ , එක්ස් කිරණ පහසුකම් වැනි රෝහලකට අවශ්‍ය සියලුම පහසුකම් තිබේ.
11:33 AM
දිට්වා සුලි කුණාටුවේ බල පැම මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 දෙනකු මිය ගොස් 62 අතුරුදහාන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.
චන්ද්‍ර සෙල්ලහේවා
11:31 AM
මෙරට ජනතාවට ලබා දිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදු කර , එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් 11/30 දින මෙරටට පැමිණියහ .
මෙම කණ්ඩායමට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඊට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වී සිටියහ.ඔවුන් ලබා දෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම , හෙදියන් , උපස්ථායකයින
11:27 AM
පවතින හදිසි ආපදා තත්ත්වයෙන් වූ ව්‍යාවසනයෙන් පසු ඉන්දියාවේ සිට පැමිණි සවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමේ විසිදෙනකු බදුල්ල දිස්ත්‍රික්කයේ අදාළ කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටියි. ඔවුන් ප්‍රථමයෙන් පුස්සැල්ලා කන්ද නායයාමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමේ නිරත වන බව බදුල්ල ආපදා කළමනාකරණ කරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
11:20 AM දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද(1) පෙ.ව.10 වන විට පුද්ගල මරණ 355ක් සහ අතුරුදන්වීම් 366ක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
10:48 AM දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුවල යෙදීම වළක්වමින්ත නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කළ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
09:49 AM දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතු යෙදීම වළක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කිරීමට ඒම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අද පෙරවරු 9.00ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.
09:21 AM අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ කැඩී යාමෙන්පී ඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි. ඒ අනුව, අද උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහු
09:09 AM හදිසි ආපදා තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සදහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් නියමව සිටින රැදවියන්ගේ 2025 දෙසැම්බර් 01 වන දින දෛනික ආහාරවේලෙන් එක් ආහාරවේලක් සදහා යොදා ගන්නා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එම වියළි ආහාර ද්‍රව්‍ය කොළඹ මහ නගර සභාව හරහා පීඩාවට පත් ජනතාවට බෙදාදීමට කටයුතු යොදා ඇති අතර, අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාදීම සදහා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත භාරදීමට
07:37 AM පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා හි නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් අද (01) වන දින සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන මෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
07:33 AM දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වී ඇති ජාතික ආපදා තත්වය මත, නාවික හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ආපදා සහන මෙහෙයුම් 2025 නොවැම්බර් මස 22 දින සිට සිදුකරනු ලබයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මේ දක්වා (2025 නොවැම්බර් 30) සිදුකල මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 10,099 දෙනෙකු වෙත ආපදා සහන සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇති අතර, මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.
07:27 AM
උතුරු, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර
කිහිපයක් අද දිනයේදි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.
ඌව පළාතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි
හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
07:23 AM ලුණුවිලදි අනතුරට පත්වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය යානය තුල සිටි ගුවන් හමුදා සාමාජිකයින් සියලුදෙනා කඩිනමින් මුදාගෙන ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට යොමුකරන ලදී. රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ප්‍රධන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නිළධාරියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියේය.
09:14 PM ඕනෑම අන්දකාරයක ආලෝකය තිබිය හැකියි. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු!
09:13 PM මෙයින් ගොඩ ඒමට අපිට නිවැරදි දත්ත හා තොරතුරු අවශ්‍ය වෙනවා. අපි හැම ක්ෂේත්රයකටම දැනුම් දී තිබෙනවා නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය හා අරමුදල් පිළිබඳව දැනුම් දෙන්න කියා සඳහන් කර තිබෙනවා.සියලු දේශපාලන මතිමතාත්න්තර අවසන් කර එකට එක්වෙමි. දේශපාලනය කිරිමට කාලයක් තිබෙනවා. අපි එකට එක්ව කටයුතු කරමු. රට ගොඩනගමු. ඉන් පසුව බෙදි දේශපාලනය කරමු. නියත වශයෙන්ම පෙර තිබූ තැනට වඩා හොද රටක් ගොඩනගවා. මෙතැන් සිට එය පටන් ගත යුතුයි. සියලු දෙනාම එයට එක්වන්න.
09:10 PM පැය 24 පුරා අත්යාවශයේ සේවා කාර්යාල විවෘතව තිබෙනවා. නැවත අපේ රට තිබුණ තත්ත්වයට වඩා දියුණු තත්ත්වයට පත් කිරීම අපේක්ෂාවයි. අරමුදලක් පිහිටුවා ගැනිමට කටයුතු කරනවා. එයට ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත්කරනවා. මිතුරු රාජ්‍යයන් සමග සමිපව කටයුතු කරමන්, ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර සංවිධාන හරහා, ලංකාවෙන් පිටත ජීවත්වන පුරවැසියන්ගෙන් දායකත්වය ලබාගෙන ශක්තිමත් අරමුදලක් ගොඩනැංවිය යුතුයි.
09:10 PM පැය 24 පුරා අත්යාවශයේ සේවා කාර්යාල විවෘතව තිබෙනවා. නැවත අපේ රට තිබුණ තත්ත්වයට වඩා දියුණු තත්ත්වයට පත් කිරීම අපේක්ෂාවයි. අරමුදලක් පිහිටුවා ගැනිමට කටයුතු කරනවා. එයට ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත්කරනවා. මිතුරු රාජ්‍යයන් සමග සමිපව කටයුතු කරමන්, ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර සංවිධාන හරහා, ලංකාවෙන් පිටත ජීවත්වන පුරවැසියන්ගෙන් දායකත්වය ලබාගෙන ශක්තිමත් අරමුදලක් ගොඩනැංවිය යුතුයි.
09:08 PM මෙය අපිට සුළු පටු අභියෝගයක් නෙමෙයි. සියලු ක්ෂේත්රවල ආදායම් අහිමි වි කර්මාන්ත කඩා වැටීමේ අවධානමක තිබෙනවා. මේ ක්ෂේත්‍ර ඉතාමත් වේගයෙන් නංවන්න කටයුතු කළ යුතුයි. මම පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. හදිසි නීතිය මර්දන ක්‍රියාදාමයකට යොදවන්නේ නෑ.
09:06 PM මුදල් ප්‍රමාණවත් නැත්නම් පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවේ අනුමැතිය කර ගන්නවා. අත්‍යාවශ්‍ය සේවා හා යටිතල පහසුකම් විශාල ලෙස බිඳ වැටී තබෙනවා. අප ඒ සෑම ක්ෂේත්රයක්ම වේගවත්ව හා කාර්යක්ෂම යථාවත් කිරිමට කටයුතු කරනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත යටිතල පහසුකම් හා සේවා යථාවත් කරනවා.
09:04 PM අපි සියලු චක්‍ර ලේඛයන් වල බාධා ඉවත් කර සහන ලබා දිමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා. මුදල් පරිහරණය කිරිමේ බාධා ඉවත් කර තිබෙනවා. ප්‍රා දේශීය ලේකම්වරයෙක්ට ලක්ෂ 500ක් දක්වා වියදම් කිරීමට අවස්ථාව තිබෙනවා. රුපියල් කෝටි 3000ක් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වියදම් කිරීමට අවස්ථාව තිබෙනවා.
09:02 PM අපගේ ත්‍රිවිධ හමුදාව ජනතාව මුදවා ගැනීමට විරෝධාරව කටයුතු කළා. සියලු රාජ්‍ය යාන්ත්‍රණය යුහුසුළුම මැදිහත් වුණා. ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව තිබෙනවා. අපගේ අසල්වැසි රටවල් විශාල ලෙස අපිට සහාය දෙනවා. මුදවා ගැනිමේ කාර්යයේ සැලකිය යුතු කොටසක් අවසන් කර තිබෙනවා.
09:00 PM මිය ගිය සියලු දෙනාගේ පවුල් වලට අපි සාතිශය සංවේගය ප්‍රකාශය කරනවා. අතුරුදන්වූවන් සියලු දෙනා නිරුපද්‍රිතව සිටියයි අපි පාර්ථනා කරනවා. අපි සතුව ඇති අයෝමය මානව ශක්තිය හැමදා ශක්තියක්. අපිට ඉදිරියට මුහුණ දෙන්න සිදුවන්නේ ඉතිහාසයේ විශාලම නැවත ගොඩනැංවීමයි. විනාශයෙ ්තක්සේරුව එතරම් බරපතලයි. පළමු කාර්යය ව්‍යවසනයට මුහුණ දුන් පුද්ගලයන් මුදවා ගැනිමයි.
08:58 PM
ජනපති ජාතිය අමතා කරන ප්‍රකාශය
අප රටක් වශයෙන් ඉතිහාසයේ විශාලම අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. ඉතිහාසයේ විශාලම මුදවා ගැනිමේ මෙහෙයුමට අපි මුහුණ දෙමින් සිටිනවා. මියගිය අයට ජීවිතය දෙන්න පුළුවන්නම් කුමන කොන්දේසියක් යටතේ අප එය කරනවා.
07:35 PM අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි ගුවන් හමදා හෙලිකොප්ටර් යානයේ නියමුවන් දෙදෙනා හා සෙබලුන් තිදෙනෙක් මුදවාගෙන රෝහල් ගත කර තිබේ. ඒ් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.
06:21 PM ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූූහ.
06:15 PM ලුණුවිල හා වෙන්නප්පුව අතර ප්‍ර දේශවල ජල ගැනිමෙන් විපතට පත් පිරිසක් මුදවා ගැනීමට ගිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
04:47 PM
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යව 200 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට මරණ 212ක් වාර්තා වන අතර, තවත් 218 දෙනෙකු අතුරුදන්ව තිබේ.
04:07 PM
හැටන් කාසල්රි ජලාශය හරහා ලක්ෂපාන මාර්ගයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (28) දින සිට තාවකාලිකව නතර කර ඇත. එම මාර්ගයේ සමරවල්ලි ප්‍රදේශයෙන් මෙම පාලම ගිලා බැසීම සිදු වී ඇති බවත්, ඒ අනුව කාසල්රි නෝර්ටන්බ්‍රිජ් ඔස්බොන් ඇතුලු ප්‍රදේශ රැසකට පිවිසීමට තිබූ එකම මාර්ගය අවහිර වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත් වි ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ
02:25 PM තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
02:21 PM අධික වර්ෂාවත් සමග මාවිල් ආරු අමුණ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ. මේ වන විටත් වැව් බැම්මට උඩින් ජලය ගමන් කරමින් තිබෙන බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මාවිල්ආරුව පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
01:21 PM
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වරුණගම බටහිර යාය කඳු යායේ (29) වෙනිදා නාය යෑමක් සිදුවී ඇත.
ඒ අවට පදිංචි පවුල් දහතුනක් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ අවට ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසුවන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩිදුරටත් ඉල්ලා සිටී.
මොනරාගල සුමනසිරි ගුණතිලක
01:08 PM අධික වර්ෂාව නිසා ඇතිමලේ කලාපයේ විලඔය පිටාර ගැලීම හේතුවෙන් විජයපුර කරගහඇල (විලඔය උඩකොටස) පෙදෙස පැල් රැකීම සඳහා ගොස් සිටි ගොවීන් නව දෙනෙකු (29) වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් බේරාගන්නා ලදි.
01:06 PM දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද (30දා) පස්වරු 12.00 වන විට පුද්ගලයන් 193ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 228ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
11:15 AM මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිලිඳියක් ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇත.
11:02 AM
පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් සමඟ නල්ලතන්නිය, විජිත රථගාලට ඉහළින් ශ්‍රී පාද රක්ෂිත මායිමේ පිහිටි විශාල පස් කන්දක් (29) දා දහවල් හදිසියේ නාය යෑම හේතුවෙන් රථ ගාලයේ වෙළඳසැල (03)ක් පොළොවට සමතලා වී ඇත. මෙහිදී නිවාස දෙකකට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත අනතුරක් සිදුවී නොමැති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
ප්‍රදේශයට දින කීපයක් තිස්සේ අඛණ්ඩව පැවතී ධාරානිපාත වර්ෂාවත් සමඟ අක්කර (10)ක පමණ කර්පන් ටයින් වන වගාවක් සහිත අධික බෑවුම් ප්‍රදේශයක් මෙසේ නාය ගොස් තිබේ.
07:48 AM අලව්ව වලකුඹුර ප්‍ර දේශයේ වෙල් යායක තිබී අවුරුදු 37ක් වන පුද්ගයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය කියයි.
07:47 AM
මුන්දලම පුලිච්චාකුලම්හි ජල ගැලිම් නැරඹීමට ගිය පිරිසක් අතරින් ළමයෙක් දියේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා
ගැනීමට උත්සාහ කළ මිතුරාද ජල පහරට හසුව දෙදෙනාම අතුරුදන්ව ඇත. ඔවුන් දෙදෙනා අවුරුදු 13ක් වන බත්තුළු ඔය
පදිංචිකරුවන් වෙයි.
07:47 AM
යටියන්තොට බෙරන්නාව ප්‍ර දේශයේ නිවාස දෙකක් නාය යාමට ලක්ව පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන්ව ඇති අතර එක්
පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ.
07:35 AM
දිට්ටවා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී වැසි සහිත කාලගුණ තත්ත්වනේ අඩුවීමක් අද (නොවැම්බර් 30) සිට
අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
07:30 AM
වැලිමඩ රේන්දපොල ඊයේ 29 රාත්‍රී බිහිසුණු නායාමක් සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කඩිනම් මෙහෙයුමකින් ආර්ජන්ටිනා හා මෙක්සිකානු විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගනු ලැබූ බවත් බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය .
එම ස්ථානයේ තවත් පස්දෙනෙකුවත් අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම නායාමෙන් මුදවා ගත් පිරිස සමරවීරපුර මුස්ලිම් පල්ලියේ තාවකාලිකව රඳවා ඇති බවද එහි ආර්ජන්ටිනා ජාතික කාන්තාවක් සහ මෙක
08:58 PM දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද පස්වරු 8.00 වන විට පුද්ගලයන් 159ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 203ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
06:42 PM
පන්නල වැඩිහිටි නිවාසයක 11 ජලගැල්මෙන් මරුට
පන්නල පොලිස් වසමේ නාලවලාන පිහිටි වැඩිහිටි නිවාසයක් ජල ගැල්මට හසුවිමෙන් එහි සිටි පුද්ගලයන් 11 මියගොස්
ඇති අතර පුද්ගලයන් 14ක් ගලවා ගැනිමේ කණ්ඩායම් මගින් බේරා ගෙන තිබේ.
06:39 PM
හැටන් හා නුවරඑළියට පිවිසීමේ මාර්ග සියල්ලම අවහිරයි
හැටන් සහ නුවරඑලියට පිවිසීමට ඇති සියලුම මාර්ගවලට ස්ථාන කිහිපයකින්ම කඩා වැටී ඇති විශෘල පස් කදු ඉවත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇති බවත්, ඒ සදහා යුධ හමුදාවේ, මාර්ග සංවර්ධ අධිකාරියේ, හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින්ගේ සහ පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගත් බව හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ
06:36 PM
කොත්මලේ රම්බොඩ නාය යාමකින් මේ වන විට පුද්ගලයන් 14ක් මියගෛාස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
පවසයි. තවත් පිරිසක් විපතට පත්ව ඇති බවත් විපතට පත් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය
කියයි.
06:31 PM
වර්ෂාව යම් තරමක් අඩුවීම හේතුවෙන් නැවතීමත් කලාවැවෙන් රාජාංගනය ජලජලාශයට එන ජලධාරිතවය අඩුවීමත් නිසා රාජාංගනය ජලාශයේ වාන්දොරටු දෙකක් වසා දැමූ බවත් ඒ අනුව මේ වනවිට රාජාංගනය ජලාශයේ වාන්දොරටු 26ක් විවෘතකර ඇති බවත් එය ඇතිවන කාල ගුණ තත්වය අනුව ඉදිරියේදි අඩුවැඩි විය හැකි බවත් රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය
ජයරත්න වික්‍රමාච්චි
06:30 PM
පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලමේ ජලය අද (29)පස්වරු 1.30. පමණ වනවිට අඩුව තිබුණ අතර පාලම දෙපැත්තේ ආරක්ෂක වැටද මතුව තිබුණි.
ජයරත්න වික්‍රමාච්චි
06:23 PM දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
06:21 PM
මහවැලි ගගේ මහ ගංවතුර අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි
මහවැලි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල පවතින මහ ගංවතුර තත්වය අධි ගංවතුර තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව , වැලිකන්ද , ලංකාපුර , මැදිරිගිරිය , සේරුවිල , කන්තලේ . කින්නියා , මූතූර් ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව වහාම ඉවත් වී ආරත්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි .
06:17 PM දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද පස්වරු 2.00 වන විට පුද්ගලයන් 136ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 176ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
02:42 PM
ඉගිණියාගල සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු මොටර් රථයක්පොල්වත්ත හන්දිය පාලම අසලදි සේනානායක සමුද්‍රයෙන් එන ප්‍රධාන වම් ඇලට වැටි පුද්ගලයෙක් මියගොස් තිබේ. මෙම මොටර් රථයේ හිමිවරුන් දෙනමක් සහ තවත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන් කර තිබේ.රථයගමන් කර ඇත්තේ වාවින්න විහාරස්ථානයට වන අතර මෙම අනතුරින් ටමාටර් රථය පැදවු වැඩිමහල් සහෝදරයා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අම්පාර වසන්ත චන්ද්‍රපාල
02:38 PM ආපදාවට ප්‍රතිචාර දැක්විම පහසු කිරිම සඳහා රට පුරා හදිසි නීතිය පැනවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.
02:31 PM පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
02:29 PM
නුවරඑලිය දිස්ත්‍රික්කයට විදුලි බලය සහ සන්නිවේදන පහසුකම් (27) දින සිට ඇනහිට තිබූ අතර, (29) දින දහවල් විදුලි බලය සහ සන්නිවේදන පහසුකම් යලි යථා තත්වය ට පත් කෙරිණ.විදුලි බලය නොමැති නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකිරිම හමුවේ විදුලි ජනක යන්ත්‍ර උයෝගි කරගෙන ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් තිබෙන ආකාරයත් අප කැමරාවේ මෙසේ සටහන් විය.
- හැටන් රංජිත් රාජපක්ෂ
02:28 PM
අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.එම ගම්මානයේ සිට පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ. මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැත.
02:25 PM ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු මේ වනවිට විවෘතකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. ඒ අනුව මෙම ජලය ගලා යනු ලබන ඇළ මාර්ගයේ ශක්තිමත් බව වෙුනවෙන් ඉදි කර ඇති ගංවතුර පැති බැම්ම මේ වන විට කැඩී ගොස් ඇති නිසා එම ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.ඒ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.
02:25 PM
“ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය“ මේ වන විට පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත.මෙම මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය ආපදා කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන අතර ඊට අමතරව හදිසි අපදා තත්වය හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටළු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්ක කර ඇත.
එහි අංකය 1926 වේ.
02:22 PM වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 9.00 ට නිකුත් කළ වාර්තාවට අනුව කැලණි ගඟ ආශ්රිත හංවැල්ල , ග්ලෙන්කෝස් ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්වය පවතින බවත් නාගලම්වීදියට සුළු ගංවතුර තත්වයක් සහ කිතුල්ගල ප්‍රදේශය අවධානයෙන් පසුවන ලෙසත් දන්වා තිබේ. තවද මහ ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රීතව බඩල්ගම , ගිරිඋල්ල සහ දූනමලේ ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් පවතින බවත් ජල මට්ටම් වැඩිවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
02:20 PM ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවල උපරිම ජල මට්ටම්වලට ළඟා වී ඇති බැවින් දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙටුව ,නාරම්මල ,මීගමුව, වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාව වහාම ඉවත්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අපදා කළමණාකරන;ණ ඒකකයේ අධ්යක්ෂ , ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි. අධ්යක්ෂවරයා අද (29) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.කුරුණැගල දිස්ත්‍රික්කයේ මහ ඔය, ගිරිඋල්ල සහ බඩල්ගම ප්රදේශයන්ගේ ජල මට්ටම උපරිමයට පැමිණ ඇත
02:20 PM අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල කාන්දුවීම් පවතින බවට පැතිරෙන කටතකා අසත්‍ය බව එම දෙපාර්මේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පවසයි. ජලාශ බිඳීයාමේ හෝ කපා යාමේ කිසිදු තත්වයක් ඇතිවී නොමැති බවත් මේ වන විට අනුරාධපුර ප්‍රදේශයේ පවතින ජලාශ සියල්ලකම වාන් දොරටු පාලනය කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
02:19 PM
හල්දුම්මුල්ල නගරය ආශ්රිත ඉහල කන්දේ කොටසක සිදු වූ නාය යාමක් හේතුවෙන් නගරයම දැඩි අවධානමක පවතින බව නගර වාසීහු පවසති. ඉකුත් දින පැවති වැසි සමග නගරය ට ඉහළ කන්දේ ඇතිවූ ශබ්දයක් පිළිබඳව හල්දුම්මුල්ල ග්රාමනිලධාරි ඉසාර බුද්ධික මහතා ට දැන් වීමෙන් පසුව අදාළ පාර්ශවයන් ගේ උපදෙස් ඇතිව පිවිසීමට අපහසු කන්දේ ඩ්‍රොන කැමරාවක් ආශ්රයෙන් නිරීක්ෂණය කර තිබේ.
සමන් පාලිත නානායක්කාර
12:01 PM
පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් එම පිරිස බේරාගෙන ඇති බව වාර්තා වෙයි.
11:59 AM
වරකාපොල, තුල්හිරිය මොන්රෝවියා වත්තේ විශාල නාය යෑමක් නිවාස 6ක සිටි පුද්ගලයන් 18ක් හා ගලවා ගැනීමට ගිය තිදෙනෙක් අතුරුදන්..සහන කණ්ඩායම්වලට අදාළ ස්ථානයට ළගාවිමට දැඩි බාධා එල්ල වී තිබේ.
-වරකාපොල රංගන රුවන්
11:55 AM
පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් එම පිරිස බේරාගෙන ඇති බව වාර්තා වෙයි.බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව සඳහන්ය.
11:54 AM
හල්දුම්මුල්ල පූනාගල එල් එල් ජී කොටසේ හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද29 අලුයම ඉවත් කර ගත් බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කේ ඒ ජී ප්‍රියංගිකා මහත්මිය කීවා ය. පවුල් දහතරෙහි පුද්ගලයින් පනස් අට දෙනකු පුනාගල දෙමළ මහා විද්‍යාලයේ තාවකාලික කඳවුරකට යොමු කළ බවද ප්‍රියංගිකා මහත්මිය කීවාය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
10:56 AM රටපුරා බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පෙරවරු 9.00 වන විට පුද්ගලයන් 123ක් ජීවිතක්ෂයට පත්ව තවත් 130ක් අතුරුදන්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
09:04 PM අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මරණ 69ක් වාර්තා වි ඇති අතර අතුරුදන් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 34කි.
09:02 PM
රාජාංගනය ජලාශයේ වාන්දොරටු 28ක් අංගමුව ජලාශයේ වාන්දොරටු 2 විවෘත කිරීම සහ එම ප්‍රදේශයේ අනෙකුත් ලොකු කුඩා ජලාශවල ජලය හා දැනටමත් පවතින වර්ෂාවෙන් කලාඔයට එක්වන අධික ජල කඳ ඔය දෙපස පහත්බිම් පමණක් නොව මධ්‍යම ප්‍රමාණයේ උස් බිම් පවා යටකරමින් මේ වනවිට රුදුරු ලෙස පහලට ගලාගෙන යයි.
-ජයරත්න වික්‍රමාරච්චි
09:01 PM
පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟින් එප්පාවල වැව පිටාර ගැලීම හේතුවෙන් එප්පාවල කැකිරාව මාර්ගය 15 කණුව ප්‍රදේශයෙන් හා එප්පාවල - තඹුත්තේගම මාර්ගය තම්මැට්ටාව වැව පහළ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.
-තිසර සමල්
09:00 PM
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 11/28 දින සවස පැවසීය .
08:57 PM
ආපදාවට ලක්ව ඇති පුලතිසිපුර සහ මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකව රැඳී සිටින ගුරු සිසුන් සහ නගෙනහිර, අග්නිදිග, ඌව වෙල්ලස්ස සහ පේරාදෙනිය යන විශ්ව විද්‍යාලවල නේවාසිකව රැඳි සිටින සියලු සිසුන් සුරක්ෂිතව සිටින බවත් ආහාර පාන ආදිය නිසි පරිදි ලබා දීම නිසි කළමනාකරණයක් තුළ සිදුවනවා
- අධ්‍යාපන ලේකම් නාලක කලුවැව
08:50 PM
-බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන්න
- ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇත.
-ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට ගෙන එන්න එපා
- ගුවන් මගීන් ආරක්ෂිතව සහ වගකීමෙන් කටයුතු කරන්න
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
08:44 PM
පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කරයි.
011 2013051, 011 2027148, 011 2027149, 011 2472757, 011 2430912
ඒ අනුව , ඉහත අංක සහ watsapp 0705777771 අංක පැය 24 පුරාම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
08:41 PM අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා මතුව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණපා ඇති ජනතාව ආරක්ෂා කිරීම හා සහන සැලසීම තවදුරයත් විධිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කෙරිණි. මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ විපතට පත්ව ඇති ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, ත්&
07:02 PM දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා හේතුවෙන් මරණ 69ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219,282ක් ආපදාවට ලක්ව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
06:59 PM තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
06:59 PM වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන්කා උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.
05:31 PM රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වේලි ඉරිතලා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
05:21 PM හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවය.
05:20 PM
වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇති බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පැවසීය.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමද දුෂ්කර කාර්යක් වී ඇති බවද ඔහු පැවසීය.
05:16 PM පවතින වර්ෂා තත්ත්වයත් සමග ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
03:57 PM මොරගකන්ද පාලම කැඩී ගොස් තිබේ.
02:30 PM කළා වැවේ පාලම මත බස් රථයක සිරවී සිටි පිරිස ඒ අසළ වහළක් මතට ගොඩ වුවත් එම වහලය ආසන්නයට මේ වන විට ජලය පැමිණ තිබේ. මේ වන විට වහළය කඩා ගෙන යාමද ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මෙහු පුද්ගලයන් 70කට ආසන්න ප්‍රමාණයක් සිරවි සිටින බව වාර්තා වෙයි. ඔවුන් බේරා ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කළත් ස්ථානයට ළඟාවීම අපහසු වි තිබේ.
02:17 PM
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විදුලි සැපයුම අඩාල වී තිබෙන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
විදුලිය බිඳ වැටීම් 65,000කට ආසන්න ප්‍රමාණයක් අද ( 28) උදෑසන වනවිට වාර්තා වී ඇති බවත් එයින් 26,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය .
02:16 PM දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් (කඩවත දෙසින් පැමිනෙන රථවාහන) ජලයෙන් යට වී තිබේ. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
02:16 PM ගල්ඔය ද්‍රෝණියට සහ මී ඔය ද්‍රෝණියට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්වයෙන් ආරක්ෂා වීමට කටයතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
02:03 PM
කුඩාඔය පොලිස් වසමට අයත් මහආරගම කොටන්ආරගම ප්‍රදේශයේදී (28) වෙනිදා උදේ දහයට පමණ යතුරුපැදියක් මතට විශාල මුරුංගා ගසක අත්තක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු වූ පියා මියගොස් පසුපැදිකරුවූ බිරිඳ හා දරුවන් දෙදෙනාට තුවාල ලබා ඇත.
-මොණරාගල සුමනසිරි ගුණතිලක
02:02 PM මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික් ගඟ, මල්වතු ඔය යන ගංඟා අධි අවධානම් තත්ත්වයට පත්ව ඇති බැවින් එම ගංගා දෙපස පහත්බිම්වල සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථානවලට ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
01:53 PM
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22ක, පවුල් 2277කට අයත් පුද්ගලයින් 6925 දෙනෙකු පීඩාවට
යාපනය සිට කොලඹ බලා ධාවනය කෙරුණු දුම්රියක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එහි සිටින 500 ක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ කොටුවෙයි
01:02 PM
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක) මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර තිබෙනවා.
ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් දැනුම් දුන්නෙමි.
- ජනපති අනුර කුමාර දිසානායක
01:01 PM
මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නෙමි.
- ජනපති අනුර කුමාර දිසානායක
12:40 PM
ජලගැලීම් නිසා සියලු සේවා අඩාල වී තිබූ මහියංගන රෝහලේ කටයුතු යථාවත් කරන තෙක් එහි වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් වෙනත් අවට රෝහල් කරා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ජලයට යටවීම හේතුවෙන් මහියංගන රෝහලේ නවතා තිබූ සියලු රථ වාහන ගිලන් රථ යළි පණ ගැන්විය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බැවින් වෙනත් රෝ හල්වලින් සහ වෙනත් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි.
එස්. පී. නානායක්කාර
12:32 PM නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද, නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
12:05 PM
හෙට රාත්‍රි කොළඹට 2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් එනවා. කැළණි ගඟෙන්
අධ්‍යාපන සහතික, වාහන ඉවත් කර ගන්නා එක හොඳයි
- වාරි මාර්ග අධ්යක්ෂ ජනරාල්
12:04 PM
දැදුරු ඔය පාලනයට පත්වෙලා තියෙනවා. අවධානමක් නෑ තත්පරයට ඝන අඩි ලක්ෂයක් වාන් දමනවා
- වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්
11:54 AM ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් මත්තල , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 11/28 උදෑසන පැවසීය .
11:51 AM මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම, කොටගල යන ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටීමෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේගමනා ගමනය (27) රාත්‍රියේ සිට ඇනහිට ඇති බව හැටන් පොලිසිය පැවසීය.
11:28 AM අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍ර දේශයට වාර්තා වී තිබේ. එම අගය මිල මිටර් 540.6කි. ඊට අමතරව මාතලේ ඇල්කලඩුව මිලි මීටර් 442.8ක්, නුවරඒළියන කොත්මලේ මිලි මිටර් 421ක්, මාතලේ කන්දෙනුවර මිලි මිටර් 419.2ක්, කෑගල්ල ඩොතොලෝයා වතුයාය මිලි මිටර් 410.2, මහනුවර නිල්ලඹේ මිලි මිටර් 404.8ක්, මහනුවර මාරස්සන මිලි මිටර් 403.6, මාතලේ හුණුගල්ල වත්ත මිලි මීටර් 399.4ක් ලෙස වැඩිම වර්ෂාපතයන් වාර්තා වී තිබේ.
11:16 AM අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ දින සිට (27.11.2025) සිරවී සිටි පුද්ගලයෙක් සහ අද උදෑසන (2025 නොවැම්බර් මස 28)පොලොන්නරුව මනම් පිටිය පාලම මත සිටි පුද්ගලයින් 13 දෙනෙක් ද ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.
11:09 AM
කාසල්රි ජලාශයට පිටාර මට්ටමට ආසන්න වී (27) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇත. කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට (27) දින ඇදහැලුණු අධික වර්ශාතවත් සමග වසර කිහිපයකට පසු එම ජලාශයේ වාන් දොරටුවලින් ජලය කෙසෙල්ගමු ඔයට මුදා හරින ලදී. කාසල්රි ජලාශයේ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.මේ අතර මාවුස්සා කැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇත.
11:06 AM දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දහනවයක් (19) දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි 2025 නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (2025 නොවැම්බර් 28) අඛණ්ඩව සිදුකරමින් සිටියි.
11:01 AM
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගඟ ද්‍රෝණයේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන විශාල ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.ඊයේ (27) රාත්‍රී 10ට රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ දැඩි සැළකිල්ලකින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ට කටයුතු කරන ලෙසයි.
බෙලිඅත්ත- කව
10:55 AM
මොනරාගල දිස්ත්‍රික්කයට පසුගිය දින වල ඇදහැලුන ධාරානිපාත වර්ෂාවෙන් විපතට පත් පවුල් 188 පුද්ගලයින් 670 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථාන වලට යොමු කිරීමට පියවර ගත් බැව් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
යුදඟනාව රජමහා විහාරය,දෙමටමල් විහාරය,පොතු බන්ධන රජමහා විහාරය,ටැංගොඩ පුරාණ විහාරය,මයුරගිරි කනිෂ්ඨ විද්‍යාලය,මැදගම සේනාපති මහා විද්‍යාලය,මැදගම පිටදෙණිය කනිෂ්ඨ විද්‍යාලය,කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලය,බිබිල දෙහිගල දෙමළ කනිෂ්ඨ විද්‍යාල යන ස්ථාන වල මෙම පිරිස ත
10:52 AM
හදිසි ඇමතුම් අංක
117 - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය
119 - පොලිස් හදිසි ඇමතුම් අංකය
1990 - සුවසැරිය ගිලන් රථ සේවය
110 - ගිනි නිවන හමුදාව
113 - යුද හමුදා මූලස්ථානය
116 - ගුවන් හමුදා මූලස්ථානය
10:51 AM
පවතින අයහපත් කාලගුණ තත්ත්වය අනුව දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත්
දින විවේකද අවලංගු කර ඇත බව පොලිස් මූලස්ථානය කියයි.් සෑම පොලිස් ස්ථානයකම වෙනමම මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි. තම රාජකාරී ස්ථානයට ගමන් කිරිමට බාධා ඇති පොලිස් නිලධාරීන්ට තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කළ හැකි බවද පොලිස් මූලස්ානය පවසයි.
10:18 AM කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශයෙන් වසා දැමීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.
09:04 AM මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවති ‘දිට්වා‘ සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 50ක් දකුණු දෙසින් කේන්ද්‍ර ගත වෙයි.
08:49 AM කැලනි ගගත් අවදානම් පහත්බිම් වලට ගංවතුර අවදානම් නිකුත් කරයි.
08:46 AM අයහපත් කාලගුනය හේතුවෙන් මිය ගිය ගනන මේ වෙන විට 56ක් දක්වා ඉහලට
08:43 AM ජල ගැලීම් හේතුවෙන් කුරුනෑගල මාර්ගය අඹේපුස්සෙන් වසා ඇත.
08:41 AM අලව්ව නගරයට දැඩි ගන් වතුර තත්වයක්.
08:37 AM පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරේ.ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
11:11 PM පවතින අධික වර්ෂාපතනය නිසා මැණික් ගඟ ද්‍රෝණියේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන මහ ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
11:05 PM
අද27රත්‍රී 9 වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 26ක් විවෘත කර ඇති බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි .එමගින් තප්පරයකට ඝණ අඩි 36276ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය සඳහන් කරයි.
-ජයරත්න වික්‍රමාරච්චි
11:04 PM
ජාතික ආපදා කළමනාකරණ සභාවේදි ජනපතිවරයා ලබාදුන් උපදෙස්, මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්න, යාවත්කාලීන කාලගුණික සහ ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදා හරිමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන්න, මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සලසන්න, ආපදා තත්ත්වයෙන් විනාශ වූ නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබා දීම කඩිනමින්, වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්න
11:02 PM කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන් දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 117, කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය 0112434028 සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක හදුන්වා දුන්නේය.
10:59 PM පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාල පාලනාධිකාරීන් වෙත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් උපදෙස් ලබාදී ඇත.
10:54 PM
උඩරට මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රිය කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සිමා කර තිබේ.
10:52 PM අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල විදුලිය බිඳ වැටිම් සිදුව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
