saravita-anim2

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2024 මාර්තු මස 29 වන සිකුරාදා

live - timelapse 3418 hours ago

LATEST

කොවිඩ් මරණ 29ක්

calendar_today 2022 පෙබ 04 - 19:33 remove_red_eye - 40  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 29ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (063දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 1243ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා වී නොමැත.

Read More

අ.පො.ස. උසස් පෙළවිභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසල් වසා නොතබන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 1181ක් අද (03දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 614,659ක් වේ.

Read More

කෝවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (02දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(03දා) තහවුරු කර තිබේ. වයස අවුරුදු 30-59 අතර පිරිමි 02ක්, කාන්තා 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 10ක් හා කාන්තා 09ක් මෙලෙස මරණයට පත්ව තිබේ.

Read More

කෝවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (01දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(02දා) තහවුරු කර තිබේ. වයස අවුරුදු 30-59 අතර පිරිමි 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 12ක් හා කාන්තා 05ක් මෙලෙස මරණයට පත්ව තිබේ.

Read More

COVID-19 තවදුරටත් “සමාජමය වශයෙන් අසාධ්‍ය රෝගයක්” නොවන බවත් ඒ අනුව තම කොවිඩ් සීමා බොහෝමයක් ඉවත් කරන බවත් ඩෙන්මාර්කය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියේය.

Read More

මෙරටින් කෝවිඩ් ආසාදිත වුවන් 1082 ක් අද (31දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. එයින් 06ක් විදේශයන්හි සිට පැමිණි අය වෙති. සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 611,185ක් වේ.

Read More

කෝවිඩ් මරණ 21ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (30දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(31දා) තහවුරු කර තිබේ. මෙලෙස අවුරුදු 30ට අඩු කාන්තා 02ක්, අවුරුදු 30-59 අතර පිරිමි 03ක් හා කාන්තා 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 08ක් හා කාන්තා 06ක් මරණයට පත්ව තිබේ.

Read More

මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (29දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ අතර අවුරුදු 30ට අඩු මරණ 03ක්, අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවරුදු 60ට වැඩි මරණ 12ක් වාර්තා වී තිබේ.

Read More

’’කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න’’ යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ‌දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හතරවැනි දිනටත් 900 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ආසාදිතයන් 982ක් වාර්තා විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 12ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා යමින් අද දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 961ක් වාර්තා වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව දෙවැනි දිනයේදීත් 900 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව අද දිනයේදි වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 942කි. මේ අතරින් තිදෙනෙක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වෙයි.

Read More

කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් 1000 ක අගයට ආසන්න වෙමින් පවතී. ඒ අද දිනයේදී ආසාදිතයන් 927ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 900 ඉක්මවා ගියේ සති කිහිපයකට පසුව වෙයි.

Read More

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ කෝවිඩ් ප්‍රභේදවලට එරෙහි කණ්ඩායම් ප්‍රතිශක්තිය රටක් ලෙස වර්ධනය කර ගැනීමට නම් ජනගහණයෙන් 60%-65%ත් අතර ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවයි.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 16ක් ඊයේ (25දා) මරණයට පත්වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අද(26දා) තහවුරු කර තිබේ. වයස 30-59 අතර පිරිමි 02 ක් හා කාන්තාවන් 02ක් සහ වයස 60 හා ඊට වැඩි පිරිමි 06 ක් හා කාන්තාවන් 06ක් මෙලෙස මරණයට පත්ව තිබේ

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ ඊයේ (24දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 877 ක් අද (24දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ.එයින් 08ක් විදේශයන්හි සිට පැමිණි අය වෙති.සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 602,763ක් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.