ලෝකයේ උසම සහ දීර්ඝතම වීදුරු පතුලක් සහිත පාලම මධ්‍යම චීනයේදී විවෘත වී තිබේ.
ලෝක ප්‍රකට ඇවටර් චිත්‍රපටය රූගත කිරීම් සිදුකළ, හුනාන් පළාතේ, ඇවටර් කඳු පන්තියේ කඳු ශිඛර දෙකක් අතර මෙම වීදුරු පාදමක් යෙදූ දැවැන්ත පාලම ඉදිවී තිබේ.
මීටර් 430ක් දිග මෙම පාලම ඉදිකිරිම සඳහා චීන රජය වැය කළ මුදල ඇ.ඩො. මිලියන 3.4ක් බවත්, එය පොළෝ මට්ටමේ සිට මීටර් 300ක් ඉහළින් පිහිටා තිබෙන බවත් ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
මීටර් හයක් පළලකින් යුතු මෙම පාලම ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ හයිම් ඩෝටන්ගේ නිර්මාණකට අනුව නිර්මාණය වී ඇති අතර, මෙය දැනටමත් එහි ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ඉදිකිරීම් සඳහා ලෝක වාර්තා තබා ඇත.