මියන්මාරයේ සිට පැමිණෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් භාරගැනීම හා ඔවුන්ගේ හැසිරීම් බංග්ලාදේශය සීමා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, රොහින්ග්යාවරුන්ට සෑම තැනම විසිරීමට අවස්ථාව ලබා නොදී බංග්ලාදේශ රජය තීරණය කරන ස්ථානවල පමණක් රැඳි සිටීමට අවස්ථාව ලබාදී ඇති බවද කියැවෙයි.
එහිදී, කොක්ස් බසාර් ප්‍රාදේශයේ දැනට පැමිණි අය වෙනුවෙන් වාසස්ථාන ලබාදෙන බවද බංග්ලාදේශය පවසා ඇත.
මියන්මාරයේ, රඛයින් පළාතේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් රොහින්ග්‍යා ප්‍රජාවේ සන්නද්ධ කණ්ඩායෙම් විසින් ප්‍රහාරයක් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇති විය.
එහිදී, මියන්මාර රජය එම සන්නද්ධ කණ්ඩායම් පාලනය සඳහා දැවැන්ත හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත් අතර, ඒ සමගම රඛයින් පළාතේ සිටින රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව මෙන්ම, බෞද්ධ ජනතාවද සිය ගම්බිම් අතහැර පළාගොස් ඇති බව සඳහන් වෙයි.
නමුත්, මෙම අර්බුදය මියන්මාරය තුළ රොහින්ග්‍යා සුද්දයක් සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම, බටහිර ප්‍රජාව විසින් නඟන චෝදනා මියන්මාර රජය තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එරට නිල නොලත් නායිකාවක වන අවුන්ග් සාන් සුඛීද පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මහා දැවැන්ත බොරුවක් මාධ්‍ය විසින් මවාපාන බවයි.
එය විශාල අයිස්කුට්ටියක් වැනි යැයි පැවසූ ඇය අවධාරණය කළේ තම රට මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුට වඩා හොඳින් දන්නා බැවින් ඒ සම්බන්ධයෙන් මියන්මාරයට කිසිවෙකුගෙන්වත් උපදෙස් අවශ්‍ය නොවන බවයි.