හොලිවුඩ් රියැලිටි තිරයේ ප්රකට චරිතයක් වන කිම් කාර්ඩාෂියන් පැරිස් විලාසිතා දැක්ම අතරතුර අතවරයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඊයේ පැවති විලාසිතා දැක්ම අවස්ථාවේ රතු පලස් මතදී ඇය මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර, ඇය සමග ඒ මොහොතේ ඇගේ සැමියා වූ කෙනී වෙස්ට් හා මව වන ක්රිස් ජෙනර්ද සිට ඇත.
සිය රථය අසලට පැමිණෙන විට කාර්ඩාෂියන් අසලට ඇගේ රසික රසිකාවියන් මෙන්ම පැපරාසීන්ද රොක් වූ අතර, මෙම අවස්ථාවෙන් ප්රයෝජනය ගත් පුද්ගලයෙකු එක් වරම ඇය තදින් බදාගෙන තිබේ. මේ සිදුවීමෙන් ඇය රතු පලස මත බිම නොවැටී බේරී ඇත්තේ අනූ නවයෙන් බවද කියැවෙයි.
කෙනී මෝටර් රථයට ගොඩවීම සඳහා අනෙක් අන්තයේ සිට ඇති අතර ඔහු මෙම සිදුවීම දැක එතැනට දිව එන විටත් ඇයගේ ආරක්ෂකයන් විසින් ඇය ආරක්ෂා කර තිබේ.
මෙම අතවරය කළ පුද්ගලයා විටාලී සෙඩියුක් නමැති යුක්රේන ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර හොලිවුඩයේ ජනප්රිය චරිත සමග මෙවැනි ඇස් රතු වන විහිළු කර ප්රසිද්ධියට පත්වීමට උත්සාහ කළ අයෙකු බවටද තොරුතුරු පවතී.
ඒ අතර, බ්රැඩි පිට්, ලියනාඩෝ ඩි කැප්රියෝ සහ විල් ස්මිත් යන්නවුන්ද සිටී.