දැනට සති පහකට පමණ පෙර නයිජීරියාවේ පාසලක දැරියන් 200කට වඩා වැඩි පිරිසක් පැහැරගෙන යෑමත්, විවිධ ආකාරයේ දරුණු ප්‍රචණ්ඩක්‍රියාවල නිරත වීමත් හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී, බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.
අල් කයිඩා සංවිධානයට සම්බන්ධ මොවුන්ගේ ආයුධ නැව්ගත කිරීම හා වත්කම් අත්හිටුවීම මේ හරහා සිදුවනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇමෙරිකානු නියෝජිත සමන්තා පවර් පවසා සිටින්නේ, මෙය බොකෝ හරාම් ත්රස්තයන් පරාජය කිරීමටත්, ඒ අමානුෂික නායකත්වය අල්ලා ගැනීමටත් ගනු ලැබූ වැදගත් පියවරක් බවයි.
අවසන් වරට මෑතකදී ඊසානදිග නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදුණු බෝකෝ හරාම් ත්රස්තයන් සාමාන්‍ය වැසියන් 27 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
මෝටර් රථ සහ යතුරුපැදිවලින් ප්‍රහාරයකන් පැමිණි ඇති බවත්, බෝකෝ හරාම් ත්රස්තයන්ද ඒ ආකාරයෙන්ම පැමිණෙන නිසා මෙය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ප්‍රහාරයක් බවත් ගම්වාසීහු පවසති.