ඉන්දුනීසියාවේ, බාලි දූපත් ගිනි කන්දක් විදාරණය වීමේ අවදානමක් නිසා බලධාරීන් විසින් උපරිම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ඉන්දුනීසියාවේ අතිශය සුප්‍රසිද්ධ සංචාරක පුරවරයක් ලෙස සැලකෙන බාලි දූපත වෙත බලපා ඇති මෙම අනතුර හේතුවෙන් මේ වනවිටත් ගිනි කන්ද ආශ්රිත ප්‍රදේශයේ ජීවත්වන 100,000ක පමණ පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අගුන්ග් කන්ද ආශ්‍රිතව පවතින මෙම ගිනි කන්ද හේතුවෙන් ඒ අවට කිලෝමීටර් 9ක් ඇතුළත සිටින සියලු දෙනාට ඉවත්ව සිටින ලෙසත්, කිසිදු හේතුවක් නිසා එම ප්‍රදේශය වෙත යෑමෙන් වැළකී සිටින ලෙසත් බලධාරීන් අනතුරු අඟවා තිබේ.
මේ අතර, ගිනි කන්ද ආශ්‍රිතව දැනටමත් යම් යම් කම්පන දැනී ඇති අතර, මේ වනවිටත් ලාවා තට්ටු පොළොව මතුපිටට පැමිණීම ආරම්භ කර ඇති බවට ඇඟවීම් සිදුවන බවද බලධාරීහු පවසති.
වර්ෂ 1963 දී අගුන්ග් ගිනි කන්ද අවසන් වරට විදාරණය වූ අවස්ථාවේදී 1,000කට අධික ජීවිත හානි සිදුවූහ.
එමෙන්ම, ඉන්දුනීසියාවේ ගිනිකඳු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ගිනි කන්ද නොබෝ දිනකින්ම විදාරණය වන බවට මේ වනවිටත් සංඥා නිකුත් වී ඇති බවයි. නමුත්, එය නිශ්චිතව සිදුවන දිනය පිළිබඳ කල්තියා පැවසීමට නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් කැඳවාගෙන එන ඩෙන්පසාර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තවදුරටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි.