සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකු අතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙන කාලෙක, භ්‍රමණ අංක සහිත පැරණි තාලේ දුරකථනයක් අද බෝතල් පත්තර කඩේකවත් නැති තරම්. අලුත් පරම්පරාවේ වැඩි පිරිසක් මේ භ්‍රමණ අංක සහිත දුරකථන දැකලවත් නැහැ කිව්වොත් ඒ අසත්‍යයක් නෙමෙයි. මේ කතාව වඩාත් තහවුරු කරන කතාවත්, පුංචි වීඩියෝවක් විදියට යූ ටියුබ් අඩවියේ ඉදිරිපත් කරලා තිබුණා.
එතනදි වයස අවුරුදු 5 ඉඳලා අවුරුදු 13 දක්වා පුංචි දරුවන් පිරිසක් අරගෙන, ඔවුන් එකිනෙකා ඉදිරියේ භ්‍රමණ අංක සහිත දුරකථනයක් තැබුවා. එහෙම තියෙල එක එක විදියේ ප්‍රශ්න මේ පොඩිවුන්ගෙන් ඇහුවා. ලැබුණු පිළිතුරු හාස්‍යයෙන් පිරුණා.
මේ දුරකථනය පොඩිවුන්ගේ අතට මුලින්ම දීපු වෙලාවෙ ඔවුන් බොහොම පුදුමයෙන් මේක දිහා බලාගෙන හිටියා. සමහර දරුවන්ගේ මුහුනේ පැවතියේ අවුල් සහගත පෙනුමක්.
කොහොම වුණත්, දුරකතනයේ භ්‍රමණ අංක කරකවමින් ඇමතුමක් ගන්න පොඩිවුන්ගෙන් වැඩි පිරිසකට තේරුනේ නැහැ. ඒත් උපන් හපන්කම් තියෙන පොඩිවුන් නම් ඇඟිල්ල දාල කරකවල බැලුවා.
මේ වැඩේ සංවිධානය කළ අයෙක් ඇමතුමක් ගන්නෙ කොහොමද කියල පොඩි කට්ටියට පෙන්වලා දෙනකොට ඔවුන්ට විශ්මයෙන් ඒ දිහා බාලගෙන හිටියා. එතන හිටිය වයස අවුරදු 9ක දරුවෙක් කිව්වෙ, ‘අම්මෝ කෝල් එකක් ගන්න ගොඩක් වෙලා යනවනෙ’ කියලයි.
ඒ වගේම මේකෙන් SMS එකක් යවන්නෙ කොහොමද කියල ඔවුන්ගෙන් ඇහුවා. ඒ අය එක එක විදියෙ උත්තර දුන්නා. යවන විදිය පෙන්වන්න උත්සාහ කළා. අන්තිමට මේ භ්‍රමණ අංක තියෙන දුරකථනයෙන් ... යවන්න බැහැ කිව්වාම ඔවුන් පුදුම වුණා. ඇමතුමක් ගන්න මේ වගේ දුරකථනයක් තියෙන තැනකටම යන්න ඕනෙ කිව්වාම ඔවුන් තවත් පුදුම වුණා. ජංගම දුරකථන නොතිබුණු කාලය ගැන මේ ඇමෙරිකානු දරුවන් ඇහුවෙත් එදයි. කාලෙ වෙනස්, තාලෙ අලුත්...
ඒ වීඩියෝව බලන්න කැමතිද?
http://www.youtube.com/watch?v=XkuirEweZvM