ජෙරුසලම තානාපති කාර්යාලය මුල් කරගනිමින් ගාසා තීරයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් රාජධානිය අවධාරණය කරයි.
ඊශ්‍රායලයේ නව ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවීම සම්බන්ධයෙන් පැවති විරෝධතාවලට ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් එල්ල කරනලද ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 58දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
එමෙන්ම, තවත් 3,000කට ආසන්න පිරිසක් මේ සිදුවීමෙන් තුවාල ලැබීය. මෙම අවස්ථාවේ විරෝධතාව සඳහා 40,000ක පමණ පලස්තීනුවන් පිරිසක් එක්ව සිටි බව කියැවේ.
බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් පවසා සිටියේ ගාසා තීරයේ ඇති වූ මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකට එක්සත් රාජධානිය සහාය දක්වන බවයි.
ඊශ්‍රායලයේ බිහිවීමද මීට වසර 70කට පෙර 1948 මැයි 15 වැනිදාවක සිදුවූ අතර, එදා පලස්තීනුවන් මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීම ඊයේ සහ අද දිනයේදී ඔවුන්ට යළිත් අත්විඳීමට සිදුවිය.