සිරියා හා තුර්කි දේශසීමාව් ඇති කොබානේ නගරය වෙත ප්රහාර දියත් කරමින් සිටින ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් වෙත ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ ප්රහාර දැඩි කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් පවසන්නේ බිඳ වැටීමට ඔන්න මෙන්න කියා ඇති නගරය යළි අත්පත් කරගැනීම සඳහා ගුවන් ප්රහාර පමණක් ප්රමාණවත් නොවන බවයි.
කොබානේ නගරය අත්පත් කරගැනීම සඳහා පසුගිය දින තුන තුළදී පමණක් සිදුකර ගැටුම්වලින් පුද්ගලයන් 400ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම නගරයේ ජීවත් වූ 160,000ක් පමණ තුර්කිය වෙත පළාගොස් ඇති බව කියැවෙයි.
යම් ලෙසකින් ඉස්ලාමිය අන්තවාදීන් කොබානේ නගරය අත්පත් කරගැනීමට සමත් වුවහොත් ඔවුන්ට සිරියානු හා තුර්කි දේශසීමාවේ විශාල කොටසක බලය අල්ලා ගැනීමට අවස්ථාවක් උදාවෙයි.