කඳු නගින්නන්ට කඹය සකස් කරන්නේ කවුද යන්නසම්බන්ධයෙන් යුරෝපා කඳු නගින්නන් පිරිසක් සහ ශර්පාවරුන් අතර පසුගිය වසරේහටගත් ගැටුම් නිසාඑවරස්ට් කන්ද තරණය කරන්නන් අතර ඉදිරියේදී මතුවිය හැකි ගැටුම්නිරාකරණයට කන්ද පාමුල පිහිටි කඳවුරට ආරක්ෂක හමුදාව යෙදවීමටනේපාල රජය කටයුතු කර තිබේ.
මෑතකදී එවරස්ට් කඳු තරණය සඳහා වන ගාස්තු සංශෝධනය කරමින් දැනට පවතින ගාස්තුවලට වඩා හරි අඩකින් පමණ ගාස්තු අඩු කිරීමටද නේපාල බලධාරීන් ක්රියාත්මක විය.
එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ දරණ පිරිස මෑත වසරවලදී වැඩි වී ඇති අතර, ගාස්තු අඩු කිරීම නිසා එවරස්ට් තරණය කරන පිරිස් ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බැවින් කඳු නගින්නන්ගේ ආරක්ෂාව පිණිස පොලිසියසහ හමුදාව යොදවන බව ආණ්ඩුව ප්රකාශ කොට තිබේ.