උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා හදිසියේ ස්වීඩනයේ සංචාරයක නිරතව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග පැවැත්වීමට නියමිත හමුවට පෙර සූදානමක් ලෙස මෙම විශේෂ සංචාරය සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ප්යොන්ග්යැන්ග් පාලනය පවසා සිටියේ රී යොන්ග් හෝ විසින් ස්වීඩනයේ සිදුකළ සංචාරය දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගැනීමේ අරමුණින් සිදුවූවක් බවය.
උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර මැදහත්කරුවෙකු ලෙස ක්‍රියාකිරීමේ ඉතා දීර්ඝ කාලීන සබඳතාවක් ස්වීඩනය සතු බව කියැවෙයි.