ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ ඉබෝලා රෝගයෙන් දරුණු ලෙස පීඩාවට පත් ගිනියාවේ සංචාරයක නිරත වී ඇති බව වාර්තා වෙයි.
ඉබෝලා වෛරසය පැතිරීමෙන් පසුව බටහිර අප්‍රිකානු කලාපයට බටහිර රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරය සැලකෙයි.
ගිනියා අගනුවරට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා පවසා සිටියේ ගිනියාවේ ඉබෝලා තුරන් කිරීමේ වගකීමක් ප්රංශයටද පැවරී ඇති බවයි.
ගිනියාව තුළ පමණක් මේ වනවිට ඉබෝලා හේතුවෙන් ජීවිත හාන 1,200ක් පමණ සිදුව තිබේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේදී පවසා සිටියේ බටහිර අප්‍රිකානු කලාපය තුළ වෛරසය පැතිරීම මේ වනවිට යම් මට්ටමක පාලනයකට නතුව ඇති බවයි.
අතීතයේ ප්‍රංශ කොලනියක්ව පැවති ගිනියාවේ ඉබෝලා තුරන් කිරීම වෙනුවෙන් ප්‍රංශය යූරෝ මිලියන 100ක ප්රදානයක්ද සිදුකර තිබේ.