ඉන්දීය යුද හමුදා සෙබලෙක් තම සේනාංකයේ සහෝදර සෙබලුන් 5 දෙනකුට වෙඩි තබා මරා දමමින්, තමාට ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගැනීමේ සිදුවීමක් කාශ්මීරයෙන් වාර්තා වෙයි.
එරට, රාෂ්ට්‍රීය රයිෆල් සේනාංකයේ සෙබලෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වියරුවෙන් මෙන් හැසිරී ඇති ඔහු දිගට හරහට වෙඩි තැබීම් සිදුකර ඇති බවද ඉන්දීය යුද හමුදා ප්‍රකාශකයෙකු මධ්‍යයට පවසා තිබේ.
ඉන්දු කාශ්මීරයේ ගන්දර්බාල් දිස්ත්‍රික්කයේ කඳවුරකදී අද (27දා) අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත්, වෙඩි තැබීමට සම්බන්ධ සෙබලා මානසික ආතතියකින් පෙලුනේද යන්න ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.