උතුරු ඇමෙරිකාව තුළ ඇතිවී තිබෙන දැඩි සීත කාලගුණික තත්ත්වය තවදුරටත් වාර්තාගත අවම උෂ්ණත්වයක් වාර්තා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්රාන්ත 50 හේම, සෙල්සියස් අංශක 0 ට අඩු උෂ්ණත්වයක් වාර්තා වෙයි.
ධ්රැවීය සීත සුළං දහරාව මෙම වාර්තාගත අවම උෂ්ණත්වය සඳහා හේතු වී ඇති අතර, මේ තත්ත්වය මිලියන 190 ක පමණ ජනතාවට සෘජුවම බලපා ඇති බව විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.
ඇලබාමා, ජෝර්ජියා, ටෙන්නීසී, ආර්කන්සාස්, මිචිගන්, මේරිලෑන්ඩ්, ඔහියෝ, පෙනිසිල්වේනියා සහ නිව්යෝක් යන ප්රාන්ත අවම උෂ්ණත්වයක් වාර්තාවන ප්රධාන ප්රාන්ත ලෙස සැලකෙයි. ශීත සෘතුවට ඇන්ටාක්ටිකාවේ වාර්තාවන අවම උෂ්ණත්වයටත් වඩා අඩු අගයක් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්රාන්තවලට බලපා ඇති බවද කියැවෙයි.