ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ බුද්ධි තොරතුරු මණ්ඩලය විසින් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය හෙවත් CIA සංවිධානයට ප්‍රසිද්ධියේම චෝදනා කිරීමේ දුර්ලභ පුවතක් ඇමෙරිකාවෙන්ම වාර්තා වෙයි.
එම බුද්ධි තොරතුරු මණ්ඩලය පෙන්වා දෙන්නේ CIA සංවිධානය විසින් සෙනට් මණ්ඩල සාමාජිකයන් පරිහරණය කරන පරිගණකවලටද ඇතුළු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෙනට් සභික ඩයෑන් ෆෙයින්ස්ටයින්, සෙනට් මණ්ඩලය තුළ CIA සංවිධානය මෙවැනි අතපෙවීමක් කිරීමට යාමෙන් ව්‍යවස්ථාවමය රාමුව අවතක්සේරු කර ඇති බව පවසයි.
එමෙන්ම, මෙය කිසිම විටෙකවත් සැහැල්ලුවට භාර නොගන්නා බව අවධාරණය කරන ඇය, CIA විසින් ෆෙඩරල් නීති උල්ලංඝනය කරමින් මෙසේ සෙනට් මණ්ඩලයේ පරිගණක තුළට ඇතුළු වීම ගැන අතිශය වේදනාවටත්, කෝපටයත් පත්ව සිටින බව පැවසෙයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී ජෝන් බ්‍රෙනන් මෙම සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඔහු අවධාරණය කරන්නේ CIA සංවිධානය කිසිදු විටෙක සෙනට් මණ්ඩලයේ ඔත්තු බැලීමක් නොකළ බවයි.
සෙනට් මණ්ඩලයේ බුද්ධි තොරතුරු මණ්ඩලය විසින් CIA සංවිධානයේ සිදුවී ඇතැයි කියන යම් යම් දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන පරිගණක වෙත මෙසේ වැඩිවශයෙන් ඇතුළු වී ඇති බව කියැවෙයි.
ඒ අනුව, එම පරිගණකවලට හොර රහසේ ඇතුළු වී CIA සම්බන්ධ පරීක්ෂණවලට අදාළ ඇතැම් වටිනා සාක්ෂි සහිත ලිපිගොනුද ඔවුන් විසින්ම සොරාගෙන ඇති බව ඇය පවසයි
කෙසේ වෙතත්, සෙන්ට් මණ්ඩලය වෙත ලබාදී ඇති මෙම පරිගණක පද්ධතියද CIA සංවිධානය විසින්ම ලබාදී ඇත්තේ ඒවා වඩාත් ආරක්ෂිත පරිගණක පද්ධතියක් බව පවසමින් බවද කියැවෙයි.
ඒ, සෙනට් මණ්ඩලයේ අතිශය රහසිගත තොරතුරු අඩංගු ලිපිගොනු දහස් ගණනින් ඒවායෙහි ගබඩා කර ඇති බැවිනි.