මාරියා සුළි කුණාටුව 5 වැනි ප්‍රවර්ගයේ අති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙමින් කැරිබියන් දූපත් වෙත ඇතුළු වනු ඇති බවත්, මේ වනවිටත් ඩොමිනිකා රාජ්‍ය වෙත ඉන් සිදුවූ බලපෑම අති විශාල බවත් විදෙස් වාර්තා පවසයි.
ඩොමිනිකා අග්‍රාමාත්‍ය රූස්වෙල්ට් ස්කෙරිට් සිය ෆේස්බුක් පිටුව හරහා පණිවුඩයක් තබමින් පවසා සිටියේ මේ වනවිට ඩොමිනිකා රාජ්‍යයේ විශාල ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි.
"මුදලින් පවා ගත නොහැකි බොහෝ දේ දැන් අපට අහිමි වෙලා" යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
මාරියා සුළි කුණාටුව අ'ර්මා සුළි කුණාටුව පැමිණි ගමන් මාර්ගයේම ගමන් කරනු ඇති බවද ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, පැයට කිලෝමීටර් 260ක පමණ වේගවත් සුළං දහරාවක් මෙමගින් ඇති කරනු ඇති බවද කියැවෙයි.
එමෙන්ම, ආසන්න දූපතක් වූ මාර්ටිනික් වෙතද ප්‍රබල සුළං දහරාවන්ට මුහුණදීමට සිදුවනු ඇති අතර, තවත් ප්‍රංශ දූපතක් වූ ග්වාඩෙලූප් හි ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.