ලොවටම ඉතුරු වී ඇති උතුරුදිග සුදු රයිනෝසිරස් සත්වයන් හතර දෙනාගෙන් එක් සතිවයෙකු ඇමෙරිකා එක්සත් ජනපද සත්වෝද්‍යානයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
41 වැනි වියෙහි පසුවූ නෝලා නමැති රයිනෝ ගැහුණු සතා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් ශරීරය දුර්වලවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
1989 වසරේ සිට සැන් ඩියේගෝ සෆාරි සත්වෝද්‍යානයේ වඩාත් ජනප්‍රිය සත්වයෙකු බවට පත්වූ නෝලාගේ අභාවය දැරිය නොහැකි පාඩුවක් බව බලධාරීහු පවසති.
දැනට ඉතිරිව සිටින සෙසු උතුරුදිග සුදු රයිනෝසිරස් සත්වයන් කෙන්යාවේ ඕල් පෙජේටා රක්ෂිතය ආශ්‍රිතව ආයුද සන්නද්ධ රැකවලුන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙති.