රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ (STC) මාතර නව ප්‍රදර්ශනාගාරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් එළැඹෙන 20 වැනිදා විවෘත වීමට නියමිතය.
පාරිභෝගික අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ඒවා ඉටු කිරීම පිණිස ගුණාත්මක භාවයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ සහනදායක මිල යටතේ සපයමින් ජනතාවගේ මිල දී ගැනීමේ ශක්තිය වැඩි කර, මිල ස්ථායීකරණය කිරීම පිණිස සේවා සැපයීම අරමුණු කර ගනිමින් STC ආයතනය ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි.