සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් පොදු මහජනාතව වෙත සැපයෙන සේවා සීමා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.
ඒ අනුව මාර්තු මස 17දා සිට 20දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙස හෝ පැමිණීම හැකිතාක් දුරට සීමා කරන ලෙස හෝ මහ බැංකුව දන්වා සිටියි. කෙසේ වෙතත් අවශ්‍යම කාරණයක් සඳහා භාරදිය යුතු ලියකියවිලි ඇත්නම් ඒවා කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ තබා ඇති පෙට්ටිවලට බහාලිය හැකි බවද මහ බැංකුව දැනුම් දෙයි.
සේවක අර්ථසාධක අරමුදල් කටයුතු සම්බන්ධ කිසියම් තොරතුරක් අවශ්‍ය නම් සේවක අර්ථ සාධක අරමුදල ක්ෂණික ඇමතුම් 011-2206690 - 94 හෝ epfhelpdesk@cbsl.lk ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකිය.