ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අපනයන හා ආනයන වඩා ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කිරීමට රටවල් දෙක ක්‍රියාකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් සඳහන් කළේය.
වසර 1996 දී අත්සන් තබන ලද තායිලන්ත හා ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආයෝජන සංවර්ධන ගිවිසුම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී අධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ සඳහන් කළේ තායිලන්තයේ බැංකොක් නගරයේ ඊයේ (03දා) පැවැති තායිලන්ත ව්‍යාපාරික හමුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති සොමිකිද් ජතුස්ශ්‍රීපිතක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපාරික හමුව පැවැත්විණි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
&ශ්‍රී ලංකාව සහතායිලන්තය අතර වෙළෙඳ පරතරය තායිලන්තයට වැඩි වාසි සහගතව පැවතීම අසමානතාවක්. ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය සලකා බැලිය යතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අලුත් ආණ්ඩුව යටතේ දැඩි ලෙස නිදහස් කර තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.
ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආයෝජන කරන ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය සියලු පහසුකම් එක වහළක් යටින් සපයන අතර ව්‍යාපාරික ප්‍රජාව අවශ්‍ය උපදෙස්ද සපයා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එය නාවික, ගුවන්, බලශක්ති, වාණිජ ක්ෂේත්රවල දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට රජය දැනට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඉදිරි කාලය තුළ සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණික, අපනයන, නිෂ්පාදන අංශය, යටිතල පහසුකම්, විදුලි සංදේශ, විකල්ප බලශක්ති, කෘෂිකර්ම ආශ්රිත කර්මාන්ත හා භාණ්ඩවලට අගයක් එක් කිරීමත් ඖෂධ, මැණික්, නිමි ඇඳුම් වැනි ක්ෂේත්‍ර සඳහා ආයෝජන කිරීමට වැඩි ඉඩක් ලබාදීමටත් අපේක්ෂා කරනවා.
නිමි ඇඳුම්, තේ, කුළු බඩු, රබර් ආශ්රිත නිර්මාණ, ආහාර ද්‍රව්‍ය ආදී දෑ දැනට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙනවා. එම අපනයන සඳහා නව වෙළෙඳ පොළ අවශ්‍යතා සොයාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා. තායිලන්තයෙන් තෙල්, රෙදිපිළි ,රසානයනික ද්‍රව්‍ය, කඩදාසි, ඖෂධ, ප්ලාස්ටික් හා පොහොර ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් අපනයන කරනවා.
ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ ඉතාම හොඳ මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාව සහ තායිලන්ත අතර 1996 දී අත්සන් තබනලද ද්විපාර්ශ්වික ආයෝජන සංවර්ධන ගිවිසුම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. ද්විත්ව බදු ක්‍රමය අහෝසි කිරීමටත් රටවල් දෙක අතර අපනයන හා ආනයන වඩා ශක්තිමත් කිරීමටත් අවශ්‍ය වෙනවා.
ඒ වගේම, තායිලන්ත වෙළෙඳ ප්‍රජාවගෙන් මා ඉල්ලා සිටින්නේ නව දේශපාලන තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසා ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේ ආයෝජන සිදුකර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා අත්වැල් බැඳගන්නා ලෙසයි. ඒ සඳහා උපරිම සහාය ලබාදීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.* යැයි පවසා සිටියේය.
තායිලන්තය උප අගමැති සොම්කිද් ජතුස්ශ්‍රීපිතක් මහතා තායිලන්ත ව්‍යාපාරික ප්‍රජාව අමතමින්,
&තායිලන්තය ආර්ථික සංවර්ධන කිරීම සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙනවා. එහිදී, තායිලන්ත ආර්ථිකය 2.5෴ සිට 3.2෴ දක්වා ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීම සැලසුම් කර තිබෙනවා. පසුගිය වසරේ වර්ධන වේගය සියයට 0.9 දක්වා පහත බැස තිබුණා. අපනයන අඩුවීම, කෘෂිකර්මාන්ත නිෂ්පාදන ධාරිතාව මිල පහත වැටීම ආදී කරුණු ඊට හේතු වුණා.
දකුණු ආසියාවේ හොඳම ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ ශ්‍රී ලංකාවේයි. එය අපි දැඩි ලෙස අගය කරනවා. ඒසේම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විශාල සමානතා රැසක් තිබෙනවා.
විශේෂයෙන්ම ස්වභාවික සම්පත්, සංස්කෘතිය සහ පාරම්පරික උරුමයන් පිළිබඳව සැලකීමේදී බොහෝ සමානකම් පවතිනවා. එසේම රටවල් දෙක අතර ආගමික වශයෙන් බොහෝ සමානකම් දක්වනවා. එසේම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ධීවර, ආහාර සැකසුම, යටිතල පහසුකම් දියුණු කිරීම එක් ගමකට එක් නිෂ්පාදන වැඩපිළිවෙළ හඳුන්වා දීම ඉතාමත් වැදගත් දෙයක්. මේ සඳහා සියලු ආධාර උපකාර කිරීමට තායිලන්තය කැපවී සිටිනවා.
එමෙන්ම, පෞද්ගලික අංශය අතර සබඳතා ඉතා ඉහළ මට්ටමක් ගැනීමේ හැකියාව අද ලැබී තිබෙනවා.* යැයි පවසා සිටියේය.
තායිලන්ත වාණිජ කර්මාන්ත හා බැංකු ක්‍රියාකාරී කමිටුවේ සභාපති ඉෂාර වොන්කුසොල්කිටි ව්‍යාපාරික ප්‍රජාව අමතමින්,
&ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින්නේ දීර්ඝ කාලීන සබඳතාවයක්. එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ අපේ රටවල් දෙක අනාදිමත් කාලයක සිට බෞද්ධ පිළිවෙත් හා බෞද්ධ සංස්කෘතියට අනුගත වී සිටි නිසයි.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර විවිධ ක්ෂේත්රවල පවතින සබඳතාව තව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. මේ අවස්ථාව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රක සබඳතා අරඹා හැට වසරකට සම්පුරණ වූ අවස්ථාවක්. එවන් අවස්ථාවක වාණිජ සමුළුව පැවැත්වීමට ලැබීම දෙරටේ සබඳතා තව තවත් ශක්තිමත් වීමක්.
පසුගිය දශකය තුළ දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය වී තිබෙනවා. තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරන්නේ රෙදිපිළි, සීනි, මෝටර් රථ හා අමතර කොටස්, සිමෙන්ති, කරවල හා රසායනික ද්‍රව්‍යයි.
ශ්‍රී ලංකාවෙන් මැණික්, තේ, කුළු බඩු, කෙඳි, සම්, ලෝහ භාණ්ඩ, නිමි ඇඳුම් ආදිය තායිලන්තයට අපනයනට කරනවා. 2014 වසරේ දෙරට අතර මිලියන 510ක වෙළෙඳ ගනුදෙනු සිදුව තිබෙනවා. මෙහිදී අදාළ ගනුදෙනු තායිලන්තයට වාසිසහගතයි. පසුගිය වසරේ තායිලන්තය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 383ක් වටිනා භාණ්ඩ අපනයනය කර තිබෙනවා. මේ නිසා තායිලන්තයේ ආයෝජකයන්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ටත් දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.* යැයි පවසා සිටියේය.
බැංකොක් නගරයේ දී පැවති තායිලන්ත ව්‍යාපාරික හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමැති මංගල සමරවීර, ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයාගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනී ෂෙනුකා සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරටේ රාජ්‍යතාන්ත්‍රක නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයන් වන හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා ආදී පිරිසක්ද මීට එක්ව සිටියහ. එමෙන්ම මෙම හමුව සඳහා තායිලන්තයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් හා සමාගම් ප්‍රධානීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.