මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ දක්ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපාර අකෘතිය වශයෙන් අහුන්ගල්ල වෙරළ තීරයේ ඇ.ඩො.මිලියන 100 ක ආයෝජනයකින් සුපිරි සංචාරක හෝටලයක් ඉදිකිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම සැලසුම් කොට තිබේ.
කාමර 500කින් සහ මහල් පහකින් යුතු මෙම තරැ පහේ දැවැන්ත හෝටල් සංකීර්ණයේ කළමනාකරණකටයුතු ස්පාඤ්ඤය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර හෝටල් ජාලයක් වන රියු හෝටල් සමාගම සම්බන්ධ වනු ඇති බවද,ඔවුන්ආසියානුපැසිෆික්කලාපයේමෙහෙයුමක්සඳහා සම්බන්ධ වන ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසෙයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන් සඳහා පමණක් වෙන්වූ ගුවන් යානා (Chartered Flights) මත්තල ගුවන් තොටුපොළ හරහා මෙරටට ගෙන්වීමට අවස්ථාව ලැබෙන බවත් එයිට්කන් ස්පෙන්ස් සමාගම පවසයි.ඔවුන් වැඩිදුටරත් පෙන්වා දෙන්නේ මේ යටතේ එක් පැමිණීම් වාරයකට සංචාරකයන් 700-800ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉඩකඩ ලැබෙනු ඇති බවයි.ඒ අනුව, රජයේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් මෙම ව්‍යාපෘතිය මගින් සැපයෙන බවත් එයිට්කන් ස්පෙන්ස් සමාගම වැඩිදුරටත් පවසයි.