2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අතර, එහිදී 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ පළමු වැනි ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ කමිටු සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරණ ගුණවර්ධන, ලලිත් දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහතවරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.