2014 සිට 2017දක්වා කාලය තුළ ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා ජපන් යෙන් මිලියන 215ක (රුපියල් මිලියන 245) ප්‍රදානයක් ලබාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟත්වය පළ කොට ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන්ට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම උදෙසා ජපන් රජය විසින් 2010 වසරේ දී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන ජපන් ආධාර ප්‍රදාන වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී.
රටවල් දෙක අතර පවත්නා ද්වි-පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටද මෙමගින් හැකියාව ලැබෙනු ඇති බව කියැවෙයි.