ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බවට සිදුකරන ප්‍රකාශ නිවැරදි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඉදිරි දින 07 ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක් ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටි බවට සඳහන් කරන ප්‍රකාශද අසත්‍ය බව හෙතෙම මෙහිදී කියා සිටියේය.
එම ප්‍රකාශ සත්‍ය නම් මේ බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත්, එහෙත් එවැනි දෙයක් සිදු නොවන බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.