සිය මාරාන්තික උපවාසය අවසන් කිරීමට බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් අද (17දා) තීරණය කර තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග එල්.ටී.ටී.ඊ. රැඳවියන් අතර ඊයේ (16දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
එල්.ටී.ටී.ඊ. රැඳවියන් 129 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධ වී සිටි අතර, මේ අනුව අද දින සිට ඔවුන් සිය ආහාර වර්ජනය අත්හැර ඇත.
නිදර්ශනී වික්‍රමසිංහ