ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි යුද සැලසුම් මේ වනවිටත් සූදානම් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
NBC රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔබාමා පවසා ඇත්තේ ඇමෙරිකාව එකහෙලාම ISIS ඉස්ලාමීය අන්තවාදය හෙළාදකින බවයි. එමෙන්ම, ඔවුන්ගේ සිහින රාජ්ය බිඳ දමන බවත්, ඔවුන් පරාජය කරන බවත් ඔබාමා අවධාරණය කරයි.
අද (7දා) ඇමෙරිකාව ඉරාකය තුළ අන්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුම් දැඩි කර තිබූ අතර, හඩීතා වේල්ල ආක්රමණය කරමින් සිටි ඔවුන්ගේ ගමන අඩාල කරමින් ගුවන් ප්රහාර රැසක් එල්ල කර තිබුණි.
අන්තවාදී තර්ජනය හොඳ හැටි අවබෝධ කරගෙන ඇති බව පවසන ඔබාමා ඒ වෙනුවෙන් තමන් රට සූදානම් කරමින් සිටින බවද ඔබාමා ජනාධිපතිවරයා පවසා තිබේ.