දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගර මධ්‍යයේ අද (21) පැවැති ජනරැළියකට එක්වෙමින් විපක්ෂනායක, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායක, මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
දෙමළ ජාතික සන්ධානය දෙපාර්ශවයකට කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි කීවත් සිය පාර්ශවයට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එලෙස කොන්දේසි වලට එකඟවිමේ කිසිදු අවශ්‍යතාවක් ද නැති බවත් ප්‍රකාශ කළේය.
සියල්ලටම වඩා ප්‍රමුඛතාව ලැබිය යුත්තේ රටට බව පැවසූ රාජපක්ෂ මහතා රට බෙදන්නට කිසිවකුටත් ඉඩතැබිය නොහැකි බවත් පැවසීය.
උතුරු පළාත සංවර්ධනය වූයේ සිය පාලන කාලයේ බව සිහිපත් කළ රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීම හැර උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නැති බවත් පැවසීය.
කෂිනි හපුආරච්චි