2022 ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවීම බරපතල ආර්ථික හැකිලීමක් පිළිබිඹු කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත්යි නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ අනුව ජාතික ඉන්ධන බලපත්රය හරහා සලාක ක්රමයට පවා ලබාදෙන ඉන්ධන ප්රමාණය මිලදී ගැනීම ජනතාවට නොහැකි වී ඇති බැවින් තවදුරටත් ඉන්ධන බලපත්ර ක්රමය ක්රියාත්මක කිරීම නිෂ්පළ කරුණක් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ගෙවී ගිය කාලය තුළ ඩීසල් භාවිතය 54% කින්, පෙට්රල් භාවිතය 35% සහ භූමිතෙල් භාවිතය 75% කින් අඩුවී ඇති බව ඔහු පවසයි.