හෙට (04) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
කොරෝනා මර්දන සටනට අවශ්‍ය නීති සති දෙකක් තුළ සකස් කරදෙන මෙන් අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර, සති දෙකක කාලයකට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටුවා ඇත.
එම සංගමය අමාත්‍යංශය විසින් යෝජනා කළ දීමනා ප්‍රතික්ෂේප කර ඇති අතර, තම දිනක වැටුප කොරෝනා නිවාරණ ජාතික අරමුදලට පරිත්‍යාග කිරීමටද අද රැස්වූ එම සංගමයේ විධායක සභාව තීරණය කළ බවද සඳහන් වේ.
සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂිත උපකරණ හා ප්‍රවාහන පහසුම් ප්‍රමාණවත් තරම් ලබා දෙන ලෙසද එම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.