ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කර ඩීසල් හා පෙට්‍රල් ලීටරයක් සඳහා සහතික මිලක් නියම කරන ලෙසට ලංකා ඉන්දීය ඔයිල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (05දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් භාරදීමට කටයුතු කළේය.
සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් ලීටරයක් රු. 137කට අලෙවි කළත් ඉන්දීය ඔයිල් සමාගම ලබාදෙන පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට සිදුව තිබෙන්නේ රුපියල් 142ක මුදලකට බවද ලංකා ඉන්දීය ඔයිල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේහිත ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා ඉන්දීය ඔයිල් සමාගම ඉන්ධන ලබාදෙන පිරවුම්හල් දිගින් දිගටම වැසී යමින් තිබෙන බවද, මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින ගැටලුව නිසා බවද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.