තමන්ට මහ බැංකුවෙන් ලක්ෂ 25ක මාසික වැටුපක් ලැබෙන බවට කළ ප්‍රකාශයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන බවටත් පළවන වාර්තා අසත්‍ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.
මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඔහු මේ බව පැවැසීය. පාර්ලිමෙන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මහ බැංකු අධිපතිවරයාට මසකට ලක්ෂ 25ක වැටුපක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ද විශ්‍රාම වැටුපක් ලැබෙන බවයි.
එම චෝදනා සඳහා පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේ තමා වගකීමෙන්ම එම ප්‍රකාශ අසත්‍ය බවට ප්‍රකාශ කරන බවයි.
"මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මම සහ අපේ මහ බැංකුවෙන් යම්කිසි ආකාරයකට ගියේ රට නියෝජනය කිරීම සඳහා. හැමෝටම ලැබුණු වැටුප මට ලැබිලා තියෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා මට විශ්‍රාම වැටුප්ක් ලැබෙන්නේ නැහැ." යැයි ඔහු පැවැසීය.
තමන් අවුරුදු 29ක් මහ බැංකුවේ සේවය කිරීම හේතුවෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ලෙමස තමන්ට හිමිව ඇත්තේ රුපියල් ලක්ෂ 4ක වැටුපක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඒසේම අනෙක් මහ බැංකු අධිපතිවරු ලෙස තමන්ට නිල වාහනයක් හා නිල නිවසක් හිමි බවද ඔහු පැවැසිය.