රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර මෙම තනතුරට තේරී පත්වූයේ අඛණ්ඩව දස වැනි වරටවීම විශේෂත්වයකි.
සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ.
මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත්ව ඇත.