ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත්කර තිබේ. ඔහු දක්වා ඇති හේතු පහත පරිදි වෙයි.
1. වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම
2. රුපියල අවප්‍රමාණය
3. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 300, ලංකා විදුලි බල මණ්ඩලයෙන් අයවිය යුතු රුපියල් බිලියන 60
4. මූල්‍ය ගැටලුකාරීත්වය හේතුවෙන් ඉහළ වාරික, ප්‍රමාද ගාස්තු හා බැංකු පොලී
5. අතිරික්ත සේවක, අකාර්යක්ෂමතාව හා වැඩිපුර ගෙවීම්
6. 2012 සිට සාමූහික ගිවිසුමක් මත 25% වැටුප් වර්ධක
7. පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පවතී
8. ඉහළ බෙදාහැරීමේ පිරිවැය