(UPDATAE) 66 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කෑගල්ලේදී ආරම්භ විය. 'එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්' යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උත්සවය පැවැත්වෙයි.
ජාතික නිදහස් දින උලෙළට 3000 කට අධික සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වනු ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවයසි. එසේම සාමාන්‍ය ජනතාව 40,000 කට ඉතා පහසුවෙන් මෙම උලෙළ නැරඹීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද, ඔවහු පෙන්වා දෙති.
ආචාර පෙළපාළයට ශ්‍රී ලංකා යුද හමුදාවේ 1400 ක්, නාවික හමුදාවේ 250 ක්,ගුවන් හමුදාවේ 250 ක්, ශ්‍රී ලංකා පොලීසියේ 250 ක්, සිවිල් ආරක්ෂක බළකායේ 250 ක්,ජාතික ශිෂ්‍ය භට බළකායේ 325 ක්, යොවුන් සේනාංකයේ 300 ක් දෙනා එක්වෙති. සංස්කෘතික සංදර්ශනයට පාසල් සහ සංස්කෘතික මධ්‍යස්ථානවලින් නර්තන ශිල්පීන් 768 දෙනෙකුද සහභාගී වීමට නියමිතය.
සිතුවම - සෙනරත් ධර්මතිලක