2022 ජනවාරි පළමුවැනිදා සිට අවුරුදු 55 පිරුණු ඕනෑම රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීමේ වයස 65 දක්වා වා දීර්ඝ කිරීම අනිවාර්ය කර නොමැති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.