විදුලිබල මණ්ඩල සේවකයන්ගේ ඉල්ලීම්වලට හෙට (20දා) දහවල් 12.00ට පෙර විසඳුම් ලබානොදුන හොත් 21 වැනිදා දහවල් 12.00ට විදුලිබල අමාත්‍යාංශය වටලා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
අමාත්‍යාංශය වටකර උද්ඝෝෂණය කිරීම සඳහා වර්ජනයේ නිරත සමස්ත සේවකයාත්, ඔවුන්ගේ පවුල්වල පිරිස්ද කොළඹට කැඳවීමට කටයුතු කරන බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
වර්ජනයට සම්බන්ධ සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා කම්කරු අමාත්‍යාංශය නිර්දේශ කිහිපයක් අද (19දා) ඉදිරිපත් කළද, විදුලිබල පාලනාධිකාරිය එම නිර්දේශ ප්‍රතික්ෂේප කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවද සම කැඳවුම්කරු අවධාරණය කළේය.