විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා (2012/13) තෝරාගෙන ඇති සිසුන් වෙනුවෙන් පැවැත්වෙන තෙවැනි අදියරේ නායකත්ව පුහුණුවට සහභාගී වන සිසුනට ලියාපදිංචි කටයුතු සිදුකිරීම සඳහා අමතර සතියක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා තෙවැනි අදියරේ නායකත්ව පුහුණුව එළඹෙන 18 වැනිදා සිට පෙබරවාරි මස 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම කාලසීමාව තුළදී විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචි කිරීම් කටයුතුද සිදුවන හෙයින් නායකත්ව පුහුණුවට සහභාගී වන සිසුනට ලියාපදිංචිය සඳහා මෙලෙස අමතර කාලයක් ලබාදී ඇත.