ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවීණයෙක් පවසයි
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමට පෙර මෙරට ජනාධිපතිවරයා ලෙස දෙවරක් තේරී පත්වූ ඕනෑම අයෙකුට තවදුරටත් ජනාධිපති ධුර කාලයක් සඳහා නම් කිරීම හෝ තෝරාගැනීම නුසුදුසු වන බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති ප්‍රවීණයෙකු වන මහාචාර්ය සුරි රත්නපාල මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සුරි රත්නපාල මහතා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිතීඥ සංගමය 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවත් ධුරකාලයක් සඳහා තරග කළ හැකිද යන්න පිළිබඳව කළ විමසීමකට අනුවය.
18 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා තවත් ධුරකාලයක් සඳහා තෝරාගැනීමේදී මතුවන නුසුදුසුකම එනම්, අතීතයට බලපැවැත්වෙන ආකාරයේ නීති සිද්ධාන්තය ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව මහාචාර්ය රත්නපාල මහතා අවධාරණය කර සිටියි.
අර්ථ නිරූපණ ආඥා පනතේ 6 (3)(a) වගන්තියේ අර්ථයට අනුව දෙවැනි ධුරකාලය සඳහා ජනාධිපතිවරණය පැවැත්වීම සහ ඉන්පසුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අතර දැනට ජනාධිපතිධුරය දරන ජනාධිපතිවරයාට තවත් ධුර කාලයක් සඳහා තරග කිරීමේ නුසුදුසුකම ඉස්මතු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
18 වැනි සංශෝධනය පිළිබඳව පනත් කෙටුම්පත එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේදී ද එම විනිසුරු මඬුල්ල ඉදිරියේදී මතුවිය හැකි මෙම අතීතයට බලපැවැත්වීමේ නීති සම්ප්රදාය සැලකිල්ලට ගෙන නොමැති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ලක්මාල් සූරියගොඩ