කිලිනොච්චිය උට්ට්රපුලම් ප්රදේශයේදී හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අද (25දා) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය මුරුගණ්ඩි යුද හමුදා කඳවුරේ සහායක සේවා භටයන් වශයෙන් යුද හමුදාවට එක් වූ දමිළ සෙබළුන් දෙදෙනෙකු මෙම පහරදීමට ලක්ව තිබේ.
පහරදීමට ලක්වූ හමුදා භටයන් දෙදෙනා ඊයේ (24දා) නිවාඩු ලබා යමින් සිටින අතරවාරයේ උට්ට්රපුලම් ප්රදේශයේදී වෙළෙඳසැලක් ආසන්නයේ තරුණයන් පිරිසක් සමග බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ සෙබළුන් දෙ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත.